සංස්කෘතික සබඳතා ශක්තිමත් කරමින් ඉන්දීය ආගමික දූත පිරිසක් දිවයිනට

0
3

සංස්කෘතික සබඳතා ශක්තිමත් කරමින් ඉන්දීය ආගමික දූත පිරිසක් දිවයිනට

අයෝධ්‍යාවේ ශිව කෝවිලේ ප්‍රධාන පූජක කෛශනන්ද් ගිරිජි මහාරාජ් ප්‍රමුඛ 14 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් අද (23) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි අතර, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රණසිංහ මහතා විසින් ඔවුන් පිළිගනු ලැබීය.

ඔවුන්ගේ පස්දින නිල සංචාරය අතරතුර මන්නාරම තිරුකේශ්වරම්, යාපනය නගුලේශ්වරම්, ත්‍රිකුණාමලය කෝනේශ්වරම්, නුවරඑළිය සීතා අම්මාන් කෝවිල සහ පොළොන්නරුවේ ඉපැරණි නටඹුන් ඇතුළු ශිව දේවස්ථාන වැඳපුදා ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පැමිණෙන රට ලෙස ඉන්දියාව ඉදිරියෙන් සිටින අතර, ඉන්දීය ශිව බැතිමතුන්ට මෙරට පූජනීය උරුමයන් අත්විඳීමට තවදුරටත් දිරිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ බව සඳහන් වේ.

මෙම පියවර මඟින් දෙරට අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් වන අතර, ශ්‍රී ලංකාවේ අධ්‍යාත්මික උරුමය ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීමටද හැකිවනු ඇතැයි සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here