සංචාරක පැමිණීම ලක්ෂ 4 පනී

0
7

2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 400,000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ජනවාරි මස පළමු දින සිට පෙබරවාරි 12 වැනි දින දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 401,787 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.

ගත වූ කාලය තුළ එක් දිනකදී වාර්තා වූ ඉහළම සංචාරක පැමිණීම පෙබරවාරි 12 වන දින සිදුව ඇති අතර, එදින සංචාරකයින් 12,731ක් මෙරටට පැමිණ ඇත.

සංචාරකයින් අතර වැඩිම පිරිස ඉන්දීය ජාතිකයින් වන අතර, ඔවුන්ගේ සංඛ්‍යාව 70,880 දෙනෙකු ලෙස වාර්තා වී ඇත.

එමෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයින් 44,053 දෙනෙකු, රුසියානු ජාතිකයින් 36,949 දෙනෙකු, ජර්මානු ජාතිකයින් 28,332 දෙනෙකු සහ චීන ජාතිකයින් 22,309 දෙනෙකු ද මේ අතර වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

ඊට අමතරව ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය ඇතුළු රටවලින් ද විශාල සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබේ.

තවද, පෙබරවාරි මාසයේ පළමු දින 12 තුළ පමණක් විදෙස් සංචාරකයින් 124,460 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවද සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here