ශීතකරණයෙන් එන අප්‍රසන්න දුගඳ වළකන ක්‍රම

0
12


ඔබේ ශීතකරණ තුළින් අප්‍රසන්න දුගඳක් හමනවා නම් එය එතරම් හොඳ තත්ත්වයක් නෙවෙයි. එය ඔබේ සෞඛ්‍යාරක්ශාව කෙරෙහි දැඩි ලෙස බලපාන නිසා එවැනි තත්ත්වයන් ඇතිවීම ඔබ වළක්වා ගත යුතුයි. ඒ නිසා බොහෝ දෙනකුට තිබෙන ගැටලුවක් වන මෙය ගැන කතා කරන්නයි මේ සූදානම. 

මෙය ප්‍රධාන වශයෙන්ම සිදුවන්නේ ඔබ නිතර ශීතකරණය පිරිසිදු නොකිරීම නිසායි. ඊට අමතරව පිසූ ආහාර නිසි ලෙස ගබඩා නොකිරීම , මස් මාලු වර්ග දීර්ඝ කාලයක් ගබඩා කර තැබීම , ඕනෑවට වඩා ආහාර ද්‍රව්‍ය වලින් ශීතකරණය පිරවීම වැනි කරුණු ද හේතු වන්නට පුළුවන්.

කුඩා වීදුරු කෝප්පයක් හෝ වීදුරු බඳුනක් ගෙන එයට බේකිං සෝඩා පුරවා ශීතකරණයේ කෙලවරක තබන්න. එමඟින් ශීතකරණයෙන් නිකුත්වන අප්‍රසන්න දුඟද අවශෝෂණය කර ගන්නා අතර ශීතකරණය තුල ඇති වාතයද සෙමෙන් පිරිසිදු කරනවා. 

ලෙමන් ගෙඩියක් ගෙන පෙති කපා එය වීදුරු බඳුනක් බහා ශීතකරණයේ තබන්න.ලෙමන් වලට අප්‍රසන්න දුර්ගන්ධයක් අවශෝෂණය කර ගන්නා අතර ලෙමන් වල ඇති නැවුම් සුවඳ ශීතකරණය ඇති වාතයට මුසු වනවා. මෙසේ ලෙමන් තැබීමේදී ඒවා සතියකට දෙවරක් මාරු කිරීමටත් වගබලා ගත යුතුයි 

අර්තාපල් ගෙඩියක් ගෙන එහි පොතු ඉවත්කර ශීතකරණයේ තබන්න.අර්තාපල් අවශෝෂකයක් ලෙස ක්‍රියා කරන අතර ශීතකරණයේ ඇති සියලුම දුර්ගන්ධයන් ඉවත් කරනවා. මෙසේ තබන අර්තාපල් සතියකට දෙවරක් හෝ තුන්වරක් මාරු කිරීමටත් සැලකිලිමත් විය යුතුයි.

කපු පුළුන් බෝල කිහිපයකට වැනිලා එකතු කරන්න. නැත්නම් කපු පුළුන් බෝල කිහිපයක් වැනිලා වල පොඟවන්න. ඒවා වීදුරු භාජනයක බහා ශීතකරණයේ කෙලවරක තබන්න. මෙමගින් ශීතකරණය තුළ ප්‍රසන්න සුවඳක් ඇති කරනවා

ඔබ කැමතිම වර්ගයේ essential oil කපු පුළුන් බෝල වල පොඟවා ඒවා වීදුරු භාජනයක බහා ශීතකරණයේ තබන්න. ඒවා දින දෙක තුනකට වරක් අලුත් කරන්න.

පාවිච්චි කළ tea bags කිහිපයක් විවෘත කළ භාජනයක බහා ශීතකරණය තුළ තබන්න .තේ දළු මගින් දුර්ගන්ධයන් අවශෝෂණය කර ගන්නා අතර ශීතකරණය තුල ඇති වාතයට නැවුම් සුවඳක් එකතු කරනවා. එය පවත්වාගෙන යාම සඳහා දින 2 – 3 කට වරක් tea bags මාරු කරන්න 

එළවළු සහ පලතුරු හොඳින් සෝදා පිරිසිදු කර ගබඩා කරන්න 

පිසූ ආහාර වාතය ඇතුළු නොවන වීදුරු භාජන වල හෝ බෑග් වල බහා ශීතකරණයේ ගබඩා කරන්න 

එසේ ගබඩා කරන ආහාර ඉක්මනින් පරිභෝජනය කරන්න 

ඉක්මනින් නරක් විය හැකි එළවලු ,මස් සහ මාළු වර්ග දින දෙක තුනක් ඇතුළත භාවිතයට ගන්න

සතියකට වරක් ශීතකරණය deep clean කරන්න

ඔබ පරිභෝජනය කරන ආහාර වලින් ඉතා වැඩි ප්‍රමාණයක් ඔබ ගබඩා කරන්නේ ශීතකරණය තුළ නිසා අනිවාර්යෙන්ම ඒ පිරිසිදුව සහ හොඳ තත්ත්වයෙන් පවත්වා ගැනීම පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුයි. ඒ නිසා මේ උපක්‍රම භාවිතා කර ඔබේ ශීතකරණය හොඳ සෞඛ්‍ය ආරක්ෂාවෙන් යුතු තැනක් බවට පත් කරගන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here