ශිරන්ති සහ ගෝඨා දෙදෙනාම ජලනි ප්‍රේමදාසගේ පාරේ ගිහින් – Saru News | සිංහල

0
7

සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනි ප්‍රේමදාස පවත්වා ගෙන ගිය රූපලාවණ්‍යාගාර කටයුතු සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් යෙදවූ ආකාරයට ශිරන්ති රාජපක්ෂ ද ඇයගේ පුද්ගලික රූපලාවණ්‍ය තෙරපිවරියකට සහ කේෂාලේපණ රූපලාවණ්‍ය ශිල්පිනියකට මහජන මුදල් වැය කර නිවාස ලබා දී ඇතැයි හෙළි වේ.

කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මෙම කරුණු හෙළි කරනු ලැබීය. ශිරන්ති රාජපක්ෂට අමතරව, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නීතිපතිවරයෙකු ද මේ ආකාරයෙන් අයථා නිවාස ලබා දීම් සිදු කර ඇත.

අඩු ආදායම්ලාභී දුප්පත් ජනතාවට බෙදා දීම සඳහා නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඉදි කරණ ලද සිරිසඳ නිවාස ව්‍යාපෘතියේ නිවාස 22ක් මොවුන් තිදෙනාගේ මැදිහත් වීමෙන් අයථා ලෙස ලබා දී තිබේ. එවකට එම නිවාස ව්‍යාපෘතිය බාරව සිටි අධ්‍යක්ෂ විශ්‍රාමික බිගේඩියර් රංජිත් සමරසිංහ ඊයේ (19) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම කරුණු හෙළි වී තිබේ.

අයථා ලෙස නිවාස ලබා දුන් අය පිළිබඳව විස්තර පහත දැක්වේ.

ශිරන්ති රාජපක්ෂගේ රූපලාවණ්‍ය ශිල්පිනියන් දෙදෙනෙකු, ජනාධිපති නිල නිවසේ සේවය කළ ගෘහ සේවිකාවන් දෙදෙනෙකු, එම නිවසේ සිටි ලිපිකරුවෙකු සහ කම්කරුවෙකු, නාවික හමුදාවේ ලුතිනන්වරයෙකු, පුවත්පත් කතුවරයෙකු, මහින්ද රාජපක්ෂගේ පුද්ගලික ලේකම්වරයෙකු, හිටපු දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයෙකුගේ නිවසේ සේවකයෙකු, මහින්ද රාජපක්ෂගේ කාර්යාලයේ සිටි දිස්ත්‍රික් සම්බන්ධීකාරකයෙකු, සිංගප්පූරුවේ තානාපති කාර්යාලයේ සේවය කළ ගෘහ සේවිකාවක, ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය සහායකයෙකු සහ හිටපු නීතිපතිවරයෙකුගේ නිවසේ ගෘහ සේවිකාවක යනාදී පිරිසකට 2014 වසරේ දී මේ ආකාරයට අයථා නිවාස ලබා දී රජයට රුපියල් කෝටි 39ක අලාභයක් සිදු කර ඇත.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here