ශිරන්ත රාජපක්ෂ FCIDයට පැමිණෙයි… – Saru News | සිංහල

0
6

හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ සමයේ ‘සිරිලිය’ නමින් පවත්වාගෙන ගිය ගිණුමේ මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන ක්‍රියාවලියට අදාළව ප්‍රකාශය ලබා ගැනීම සඳහාය.

සිරිලිය බැංකු ගිණුම විවෘත කිරීම සඳහා ශිරන්ති රාජපක්ෂ විසින් ලබා දුන් ජාතික හැඳුම්පත් අංක 222222222V යනුවෙන් සඳහන් කර තිබිණි.

වසීම් තාජුඩීන් ඝාතනයට අදාළව සිදු කළ විමර්ශනවලදීද ‘සිරිලිය’ සංවිධානයට ලබා දී තිබූ ඩිෆේන්ඩරයක් පිළිබඳවද විමර්ශන සිදු කරන ලදී.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වන මූලික විමර්ශනයක් ආරම්භ කරන ලද්දේ 2015දී යහපාලන ආණ්ඩුව සමයේය.

එම විමර්ශනයට අදාළව ශිරන්ති රාජපක්ෂගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට යාමේදී එම නිලධාරීන්ට සිදු වූයේ කථානායක නිල නිවසට ගොස් එම ප්‍රකාශය ලබා ගැනීමටය. ඒ අනුව 2015 ජූනි 01 දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (FCID) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගෙන් එම ප්‍රකාශය ලබාගනු ලැබූවේ කතානායක නිල නිවසේදී ය. එවකට කථානායක චමල් රාජපක්ෂය.


8

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here