ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩාවලිය මෙවරත්! Sri Lanka Latest News

0
14


ක්‍ඊඛ සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත, CBL Foods International (Pvt) Limited සමාගම ප්‍රමුඛතම සන්නාමය වන රිටස්බරි (Ritzbury) අඛණ්ඩව 14 වැනි වරටත් ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියට අනුග්‍රහය දැක්වීම සඳහා ඉදිරිපත්ව සිටී. මෙවර පාසල් 1,300කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30,000කට අධික පිරිසක් මෙම තරගාවලියට සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය මෙරට පැරැණිතම පාසල් මලල ක්‍රීඩා තරගාවලිය ලෙස සැලකේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් රිට්ස්බරි සමග එක්ව මෙම තරගාවලිය සංවිධාන කරනු ලබයි.

තරගාවලියේ ආරම්භය සනිටුහන් කරමින් පසුගිය වසරවලදීත් දැවැන්ත සාර්ථකත්වයක් අත්කරගත් රිට්ස්බරි සහාය දිවීමේ සැණකෙළිය (Ritzbury Relay Carnival) පෙරටත් වඩා පුළුල් මට්ටමින් අප්‍රේල් 09, 10 සහ 11 යන දිනවල දියගම ක්‍රීඩාංගණයේදී මෙවර පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ප්‍රියන්ත හෙට්ටිගේ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here