ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ ඉන්දියාවේ සිට මෙරටට වැඩම කෙරෙයි

0
3

ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් අද (04) පස්වරු 1ට මෙරටට වැඩම කරවනු ලැබීය.

ඒ අනුව මෙම ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත අද පස්වරුවේ වැඩම කරවීමට නියමිතය. 

”ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාව” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ආරම්භ වීමට නියමිත අතර සැදැහැවත් ජනතාවට සර්වඥ ධාතූන්වහන්සේ වැඳපුදා ගැනීමට හෙට සිට ලබන 11 වැනිදා දක්වා දින හතක කාලයක් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී අවස්ථාව හිමි වෙයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here