ශ්‍රී ලංකාවෙන් සිම්බාබ්වේට ලකුණු 179ක ඉලක්කයක්

0
3

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (19) දහවල් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 178ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 179ක ඉලක්කයක් හිමිවිය.

ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගූ පැතුම් නිස්සංක පන්දු 41කින් ලකුණු 62ක් රැස්කළේය.

එමෙන්ම අධිවේගී ඉනිමක් ක්‍රීඩාකළ පවන් රත්නායක ලකුණු 44ක් රැස්කළ අතර, ඒ වෙනුවෙන් ඔහු මුහුණදුන්නේ පන්දු 25කට පමණි.

පවන්ගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 3ක් ඇතුළත් විය.

ඊට අමතරව ආරම්භක පිතිකරු කුසල් පෙරේරාද පන්දු 14කින් ලකුණු 22ක් රැස්කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here