ශ්‍රී ලංකාවට ජයග්‍රහණ දෙකක්

0
3


නිශ්මං රණසිංහ මැයි 14, කොළඹ LNW:

ශ්‍රී ලංකාවේ පැවත්වෙන යොවුන් සහ අවුරුදු 22 න් පහළ පිරිමි සහ කාන්තා බොක්සිං තරගාවලියේ දෙවන දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණනාවක් තමන් ඉදිරිපත්වන වයස් කාණ්ඩයෙන් සහ බර කාණ්ඩයෙන් තරග වැදුණා.ඒ් අතරින් දෙදෙනෙකු සත්කාරකත්වයේ අභිමානයෙ පල, පදක්කම් කිරීමේ අරමුණ ජය ගන්නට තව දුරටත් තරගයේ රැඳෙන්නට අවශ්‍යය ජයග්‍රහණය සහතික කර ගනු ලැබුවා.

වසර 57 ට පසුව ශ්‍රී ලංකාව ආසියානු තරගාවලියකට ගෙන එන්නට නිර්භීතවීම වගේම ශ්‍රී ලංකාවේ බොක්සිං ඉතිහාසය විමසා බැලීමේදි එය ගම්නියම් ගම් කරා ව්‍යාප්තවීමේ ඓතිහාසික ක්‍රියාවලියත් මේ නිර්භීත තීරණයට දක්ෂතාවලින් සාක්ෂි සපයන්නට විශාල දක්ෂයන් පිරිසක් රට වටෙන් එකතුවීමට හේතු ලෙස දැක්විය හැකියි.එසේම යොවුන් ක්‍රීඩකයින් වෙනුවෙන් පැවත්වුණ වැඩ සටහන් අලුත් පුහුණුකරුවන් නිර්මාණය කිරීම සඳහා දියත් කළ වැඩ සටහන් ඇතුළු විශාල ඉතිහාසයක පල,වත්මන් නිර්භීතකම සමඟ මුසු වන මොහොතක් සුගතදාස ක්‍රීඩාංගණයේ දී දැක ගන්නට ලැබෙනවා.

මේ ලාංකේය ජයග්‍රහණ ගමන් කරන්නේ ඉතිහාසයේ සිට පසු වූ මොහොතක් මොහොතක් ගාණේ එකතු වූ යහපත් දේවල්වල එකතුවක් හැටියටයි.සමහර විට මේ ජයග්‍රහණ පිටුපස මේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් ලබන ජාත්‍යන්තර ක්‍රීඩා ජය ඒ ප්‍රදේශයට ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලැබුණ පළමු අවස්ථාව පමණක් නොව ජාත්‍යන්තර නියෝජනයක් ලැබුණු අවස්ථාවක් ද විය හැකියි.ඒ නිසා මේ තොරතුරු වාර්තා කරණය වෙනුවෙන් මාධ්‍ය වෙනුවෙන් සකසා තිබෙන ඉඩ කොටසේ මේ ක්‍රීඩකයන්ගේ පාසල,සැබෑ පුහුණුකරුවා මෙන්ම ඔවුන්ව සම්බන්ධ කර ගැනීමට හැකි දුරකතන අංකයක් ද ලබා දීම වටිනවා.ඒ තව දුරටත් ගමට බොක්සිං ඇතුල් කිරීමට ලැබෙන දොරටු විවර කර ගැනීමට අවශ්‍යය මානසික උත්ප්‍රේරණය වෙනුවෙන් වැදගත් විය හැකියි.

තරගාය නියෝජනය කළ ක්‍රීඩකයින් අතරින් ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ජයග්‍රහණය ලැබුවේ කිලෝ ග්‍රෑම් 48 බර පංතියෙන් තරග වැදුණ වර්ණකුලසූරියයි.ඔහු එම තරගයේදී කිර්ගිස්තානයේ ඇනර්බෙකොව් ඇනාරලි විනිසුරුවන්ගේ 4-1 ක තීරණයකින් පරාජයට පත් කරනු ලැබුවා.පසුගිය කාලයේ බොක්සිං තුළ ආකර්ශනයක් දිනා ගත් රටක් වන සවුදි අරාබියාව නියෝජනය කළ මොහොමඩ් අල්හයිදර් වට 5-0 ක් ලෙස පරාජයට කැඳවාගෙන ගිය හංසජිත් ජයතිස්ස ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවන දිණුම ලබා දීමට සමත් වුණා.
දවස නිමාවේ තරග පහක් සඳහා ඉදිරිපත් වී සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් ජයග්‍රහණය කරන්නට අවස්ථාව උදා වුණේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් දෙදෙනෙකුට පමණයි.අසල්වැසි බොක්සිං ක්‍රීඩාවේ ප්‍රබල ඉන්දියාව මේ තරගාවලියට සහභාගි වන්නේ ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය (IBA) යටතේ වීම විශේෂයි.ඒ ඉන්දියාව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පිළිගන්නා වර්ල්ඩ් බොක්සිං හී සාමාජිකත්වය ලබා ගැනීම නිසා මාර්තු 30 වන දා සිට IBA විසින් ඉන්දීය බොක්සිං සම්මේලනය තහනම් කර තිබෙන නිසයි.

ඒත් ඔවුන්ගේ නියෝජනයේ ශක්තිය තහනමෙන් මැකී තිබුණේ නැහැ.ඉදිරිපත් වූ තරගවලදී ඔවුන් දක්ෂතා දක්වනු ලැබුවා.මේ ආකාරයට යම් ආකාරයකට ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩකයන්ට 2028 දි ඔලිම්පික් නියෝජනයේදී ශ්‍රී ලංකා ධජය යටතේ නොවි,ජාත්‍යන්තර ඔලිම්පික් ධජය යටතේ හෝ තරග වැදීමට අවස්ථාවක් ලබා ගැනීමට හැකියාවක් ඇත්නම් වැදගත් වන අතර ඊට පෙර සංගම් දෙකේ කඹ ඇදිල්ල නිමා කර පළමු කොට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිර්දේශයන්ට අනුව වැඩ කිරීම කෙරෙහි IBA අවධානයද යොමු වීම වැදගත් වනු ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here