ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයෙක්

0
3

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මහින්ද පරාක්‍රම දිසානායක පත් කර තිබේ.

වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා විසින් අද (17) පෙරවරුවේ නව සභාපතිවරයාට පත්වීම් ලිපිය භාර දී ඇත.

එම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සහ අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්.මංගල යන මහත්වරුන් ද, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු සභාපති සිරිමෙවන් රණසිංහ මහතා ද සහභාගි වී සිටියේය.

මහින්ද පරාක්‍රම මහතා සමුද්‍රීය, වරාය සහ සැපයුම් කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස ද කටයුතු කරන අතර, මීට ඉහතදී වරාය, නාවික සහ දක‍්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ වරාය අධිකාරියේ හා ජය බහාලුම් පර්යන්තයේ සභාපතිවරයා වශයෙන්ද සේවය කර තිබේ.

ආචාර්ය මහින්ද පරාක්‍රම දිසානායක මහතා සමුද්‍රීය හා සැපයුම් කේෂ්ත්‍රයේ දේශීය සහ ජාත්‍යන්තර අත්දැකීම් ඇති ප්‍රවීණයෙකි.

ඔහු එක්සත් ජාතීන්ගේ වෙළඳ සහ සංවර්ධනය පිළිබඳ සමුළුව ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සහ ආයතන රැසක් සමඟ ද කටයුතු කර තිබේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකරණ අධ්‍යක්‍ෂ ඝණක හේමචන්ද්‍ර මහතා සහ නියෝජ්‍ය සභාපති හේරත් ජයවර්ධන මහතා ද සහභාගි විය.

ශ්‍රී ලංකා‍ වරාය අධිකාරියේ හිටපු සභාපතිවරයා වූ අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා රාජ්‍ය තාන්ත්‍රික දූතසේවා තනතුරකට පත් කිරීමට නියමිතව තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here