ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කර්මාන්තයේ නිරත වූ ඉන්දියාවේ තමිල්නාඩුවේ රාමේෂ්වරම් ප්‍රදේශයේ ධීවරයින් පස්දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම ධීවරයින් පිරිස ධනුෂ්කොඩි සහ තලෙයිමන්නාරම අතර මුහුදු ප්‍රදේශයේ මසුන් අල්ලමින් සිටියදී නාවික හමුදා නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව ඇති බවය.
එහිදී ධීවරයින් පස්දෙනා අත්අඩංගුවට ගත් නාවික හමුදාව ඔවුන් භාවිතා කළ ධීවර බෝට්ටුව ද සිය භාරයට ගෙන ඇති බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් ධීවරයින් වැඩිදුර විමර්ශන සඳහා මන්නාරම නාවික හමුදා කඳවුරක් වෙත රැගෙන ගොස් ඇත.
Saru News
















