ශ්‍රී ලංකා – නවසීලන්ත තීරණාත්මක තරඟය අද

0
4

මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය නවසීලන්තයට එරෙහිව තරගය අද (25) පැවැත්වීමට නියමිතව තිබේ.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (25) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතය.

අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ශ්‍රී ලංකාව මෙම තරගය අනිවාර්යයෙන්ම ජය ගතයුතුය.

මෙම තරගයේද සියලු ප්‍රවේශපත් අලෙවි වී අවසන් ඇති බැවින් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිවිසුම් දොරටු පස්වරු 4ට විවෘත කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලෙය

මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකා පිල සහභාගී වූ පළමු තරගය එංගලන්තය හමුවේ ලකුණු 51කින් පරාජය පත්විය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here