ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායමට අද තීරණාත්මක තරගයක්

0
4

නිශ්මං රණසිංහ පෙබරවාරි 18, කොළඹ LNW:

තායිලන්තයේ ක්‍රියාත්මක ආසියානු නැඟී එන කාන්තා කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව අද තීරණාත්මක තරගයකට මුහුණ දීමට නියමිතයි.ඒ තායිලන්ත කණ්ඩායම සමඟයි.පළමු තරගයෙන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම බංගලාදේශ ඒ කණ්ඩායම හමුවේ අවාසනාවන්ත පරාජයක් අත් කර ගත් අතර මැලේසියාව සමඟ පැවති තරගයේදි ලකුණු 106 ක ජයක් අත් කර ගන්නට සමත් වෙනවා.

පළමු තරගයේදී බංගලාදේශය ජයග්‍රහණය කිරිමට වඩා ශ්‍රී ලංකාව පරාජය වූ බව කීම අසත්‍යයක් නොවන අතර දෙවන තරගයේදී එම අඩුව මකා ගනිමින් මැලේසියාව හමුවේ පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 172 ක් රැස් කරන්නට ශ්‍රී ලංකාව සමත් වුණා.මේ වන විට පන්දු යවන්නියකට වඩා වේගයෙන් පහර දිය හැකි පිතිකාරිණියක ලෙස අවධානයට ලක් වී සිටින අමා කාංචනා මේ තරගයේදි පිතිකරණ නාමාවලියේ උසස්වීමක් ලැබ අංක 4 ක්‍රීඩිකාව ලෙස පිටියට පිවිස පන්දු 29 න් ලකුණු 52 රැස් කිරීම කැපී පෙණුනා.

එවැනිම ඉරණමකට මුහුණ දි අමුතු ඉරියව්වකින් පන්දු යවන ශෂිනි ගිම්හානි ද ඉතා ලාබාල වයසෙන් ජාතික කණ්ඩායමට පවා පැමිණියද අද ඇය ද වේගයෙන් පහර දෙන පිතිකාරිණියක ලෙස අවධානය දිනා ගෙන වැඩි ඉඩක් ඒ සඳහා වෙන් කරන බවක් පෙන්නුම් කරනවා.එහෙත් බොහෝ විට තදින් පහරදීම පමණක්ම උවමනාව කරගෙන පිතිකරණයේ දී සැළසුමකට ක්‍රියාත්මක නොවිම නිසා කඩුල්ල වීසි කරන ශෂිනි,ඇයගේ සුවිශේෂී හැකියාව ඇති පන්දු යැවීමට අඩු අවධානයක් දෙමින්,පිතිකරණයේ වගකීම ද හරි හැටි කියවා නොගනිමින් අසාර්ථකත්වයට පත්වෙමින් සිටින බවක් පෙනෙන්නට තිබෙනවා.ඇය වැනි අනාගතයට වටිනා ක්‍රීඩිකාවක් වෙනුවෙන් කණ්ඩායම් පරිපාලනය සහ පුහුණු කාර්ය මණ්ඩලය ඉක්මන් මැදිහත්වීමකින් ඇයගේ මානසික ඉලක්කය යම් පාලනයකට නතු කළ යුතුව තිබෙනවා.

තරගාවලිය පුරාම පන්දු යැවිමෙන් කැපී පෙනෙන්නිය වී සිටින්නේ සචිනි නිසංසලායි.බංගලාදේශයට එරෙහිවද කඩුලු 3 ක් දවා ගත් ඇය මැලේසියාවට එරෙහිව පන්දු ඔවර් 4 නිමා කරන්නේ ලකුණු 7 ට කඩුලු 2 ක් දවාගෙනයි.සත්‍යා සංදීපනී ද මැලේසියාවට එරෙහිව ලකුණු 11 ට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වුණා.

කෙසේ නමුත් අද තරඟය තීරණාත්මක තරගයක් වෙනවා.තායිලන්ත කාන්තා කණ්ඩායම යනු සුළු කොට තැකිය නොහැකියි.ඔවුන් බංගලාදේශයට එරෙහි තරගය පරාජය වන්නේ ද 19 වන ඕවරයේ පස්වන පන්දුව තෙක්ම සටන් කිරීමෙන් පසුවයි.ෆර්ජානා ඊස්මන් විසින් 20 වන ඕවරයේ එල්ල කරන ලද හයේ පහර සහ හතරේ පහර නොවන්නට එම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරියෙන් සිටි කණ්ඩායම තායිලන්තයයි.මීට පෙරත් ඔවුන් සුළුවෙන් සළකා පාඩම් ඉගෙනගෙන ඇති කණ්ඩායමක් වන ශ්‍රී ලංකාව අද තරගයේදි වඩා කල්පනාකාරීව පන්දුවට පහර දීමට කල්පනා කිරීම වටිනවා.

The post ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායමට අද තීරණාත්මක තරගයක් appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here