රෝගවලින් ආරක්ෂා වන්නට සිරුර තුළ සිදුවන ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය ප්‍රතිශක්තිකරණය ලෙස හැඳින්වෙනවා. ධාරක ජීවී සෛලවලට (අපේ සිරුරේ පවතින සෛල) රෝගකාරක ආසාදනය වීම සහ ධාරක සෛල ඒවාට හුරු වීම නිසා නිතර වෙනස් වීම මත එම රෝගකාරක හඳුනාගැනීම ඉතා අපහසුයි.
මේ දිනවල ලොව පවතින වසංගත තත්ත්වය හමුවේ අපි සිරුරේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කරගැනීම ඉතාම වැදගත්. හොරිවිල පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ශාන්ත සේනාරත්න මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම කරුණු ඔබට ගෙන එන්නේ ඒ නිසාමයි.
ආයුර්වේදයේදී බොහෝ විට ඖෂධ සකසාගැනීමට ගන්නේ පහසුවෙන් සොයාගතහැකි ස්වභාවික දේවල්.
පහත දැක්වෙන ද්‍රව්‍ය සමව ගෙන තම්බා පානය කිරීමෙන් ඔබේ සිරුරේ ප්‍රතිශක්තිය වඩවා ගන්නට පුලුවන්.
මේවා තම්බා දිනකට දෙවරක් බැගින් පානය කළ යුතු බව ආයුර්වේද මතයයි.
ඔබට මේ දේවල් සොයා ගැනීම අපහසු නම්, පස්පංගුව වුවත් තම්බා පානය කිරීම සෑහෙනවා.
ශ්වසන පද්ධතිය ආශ්‍රිත වෛරස් රෝගවලට වාෂ්ප ඇල්ලීම ඉතා ගුණදායකයි. පහත දක්වා ඇති කොළවර්ග තම්බා වාෂ්ප ඇල්ලීම ශ්වසන පද්ධතිය ආශ්‍රිත වෛරස් රෝග සඳහාමයි.
මේවායින් නික කොළවලට වෛරස් සඳහා කළ හැකි බලපෑම උපරිම බව ආයුර්වේදයේ සඳහන්. මෙම කොළ වර්ග තම්බා වාෂ්ප ඇල්ලීම ශ්වසන ආබාධ දුරලනවා.
ඔබට මේ සියල්ල සොයා ගැනීමට නොහැකි නම් දෙහි කොළ, දොඩම් කොළ, යකි නාරං කොළ වලින් පමණක් හෝ වාෂ්ප ඇල්ලීම සුදුසුයි.
බොහෝ නිවෙස්වල පුරුද්දක් ලෙසම සාම්බ්‍රානි දුම් ඇල්ලීම සිදු කරනවා. එමගින් විෂබීජ නැසෙනවා. විෂබීජ නසන්නට ම ආයුර්වේදයේ සඳහන් ඖෂධ කිහිපයක් මේ.
මේ කොළ හොඳින් වේලා කුඩු කර දුම් ඇල්ලීම ඉතා සුදුසුයි.
මීට අමතරව මේ දිනවල පැතිර යන කොවිඩ් වසංගත තත්වයට අදාලව ඔබ ඉතාම සෞබ්‍යාරක්ෂිත ජීවන රටාවකට හුරු වීම වැදගත්.
මීට අමතර ව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ව්සින් දෙන ලද උපදෙස් නිවැරදිවම පිළිපැදිය යුතුයි. කිසියම් හෝ ගැටලුවක් හෝ රෝගලක්ෂණයක් පහළ වුවහොත් පැය 24 පුරාම ක්‍රියාත්මක වන 1999 අංකයට අමතා ඔබේ ගැටලුවට පිළිතුරක් ලබාගන්නට පුලුවන්.
Saru FM Media