Saturday, May 17, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් වේරැස් ගඟ ව්‍යාපෘතියේ මුදල් අවභාවිතාවට හිටපු ඉඩම් ගොඩකිරීමේ සභාපති හර්ෂාන්ට ඇප ලැබුණත්...

වේරැස් ගඟ ව්‍යාපෘතියේ මුදල් අවභාවිතාවට හිටපු ඉඩම් ගොඩකිරීමේ සභාපති හර්ෂාන්ට ඇප ලැබුණත් ගෙවන්න කෙනෙක් නැතිවෙලා

0
6


former-land-reclamation-chairman-harshan-granted-bail-for-misappropriation-of-funds-for-the-veras-river-project-but-no-one-is-there-to-pay

ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා මහතා කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ආරම්භ කරන ලද වේරැස් ගඟ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමට ඊයේ (15 වැනි දින) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළ නමුක් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් 

බන්ධනාගාර ගතකර ඇත.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් සැකකරු වන හර්ෂාන් ද සිල්වා මහතාට රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප


පහක් යටතේ ඇප ප්‍රදානය කරන ලද අතර, එම ඇප කොන්දේසි යටතේ සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙසද නියම කර ඇත.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුට එරෙහිව ඇති චෝදනාව වන්නේ වේරැස් ගඟ ව්‍යාපෘතියේ මූලික අදියර විවෘත කිරීමේ උත්සවය සඳහා නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව රුපියල් ලක්ෂ 275ක මුදලක් වියදම් කොට රජයට පාඩුවක් සිදු කිරීමයි.
විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළ තොරතුරු අනුව, වේරැස් ගඟ ව්‍යාපෘතියේ මූලික අදියර විවෘත කිරීමේ උත්සවයේ සියලුම කළමනාකරණ කටයුතු “ෂෝටවුට් එන්ටර්ටේට්මන්ට්” නමැති ආයතනයකට පවරා ඇති අතර, එම ආයතනය භාතිය ජයකොඩි නමැති පුද්ගලයකුට අයත් බව අනාවරණය වී තිබේ.
කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මෙන්ම සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව සැකකරු විසින් එම උත්සවය සඳහා රුපියල් ලක්ෂ 275ක මුදලක් අනුමත කර වියදම් කර ඇති බව විමර්ශන නිලධාරීහු අධිකරණයට වැඩිදුරටත් දන්වා සිටියහ.
අල්ලස් හෝ දූෂණ පනතේ 70 වැනි වගන්තිය යටතේ සැකකරු දූෂණය සම්බන්ධයෙන් වරදකරු විය හැකි බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධිකරණයෙන් ඉල්ලීමක් කළද, අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරු ඇප මත මුදා හැරීමට තීරණය කර ඇත.
දූෂණ චෝදනා සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදු කෙරෙමින් පවතින අතර, අදාළ උත්සවය සඳහා මුදල් වියදම් කිරීමේදී සිදු වූ ක්‍රමවේද උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වැඩිදුර සාක්ෂි රැස්කරමින් පවතින බව වාර්තා වේ.


වේරැස් ගඟ ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ගංවතුර පාලනය කිරීමේ අරමුණින් වන අතර, මෙම ව්‍යාපෘතිය සඳහා විශාල ප්‍රමාණයක රජයේ මුදල් වෙන් කොට තිබේ. කෙසේ වෙතත්, සැකකරු ලෙස නම් කර ඇති හිටපු සභාපතිවරයා එම මුදල් නිසි පරිදි පරිහරණය නොකළ බවට චෝදනා එල්ල වී ඇත.
මේ අතර, ඉදිරි විභාග දිනයේදී සැකකරු අනිවාර්යයෙන්ම අධිකරණයට පෙනී සිටිය යුතු බවට මහෙස්ත්‍රාත්වරිය අවධාරණය කර ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයේ මුදල් අවභාවිතා කිරීමේ සිද්ධි වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ ආයතනවලට මහෙස්ත්‍රාත්වරිය නියෝග කර ඇති බවද වාර්තා වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here