
වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. අද සිට මැයි 13 වන දින දක්වා මෙම විශේෂ දුම්රිය සේවා පවත්වාගෙන යනු ඇති බව දුම්රිය පාලක මැදිරිය නිවේදනය කර සිටී.
මෙම විශේෂ දුම්රිය සේවා කොළඹ කොටුව හා බදුල්ල අතර මෙන්ම කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතර ධාවනය කෙරෙනු ඇත. දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන පරිදි පෙරවරු 7.30ට හා පෙරවරු 8.55ට කොටුව සිට බදුල්ල දක්වාත්, පෙරවරු 5.30ට කොටුව සිට කන්කසන්තුරේ දක්වාත් දුම්රිය ධාවනය වනු ඇත.
2025 මැයි මස 12 සහ 13 දිනයන්හි නුවරඑළියේ පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව කොළඹ කොටුව සහ බදුල්ල අතර අමතර විශේෂ දුම්රිය සේවාවක් සහ කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා ගමන් ගන්නා මගීන් සඳහා අමතර විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
ඒ අනුව 2025 මැයි 09 දින සිට 2025 මැයි 13 දින දක්වා පහත පරිදි විශේෂ දුම්රිය සේවා සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා සිටී:
-
විශේෂ දුම්රිය 01 “Vesak Night Special” – කොළඹ කොටුව සිට බදුල්ල
- කොළඹ කොටුව පිටත් වීම – පස්වරු 7.30
- 2025 මැයි 09 සහ 13 යන දිනවල ධාවනය වේ
-
විශේෂ දුම්රිය 02 “Vesak Night Special” – බදුල්ල සිට කොළඹ කොටුව
- බදුල්ල පිටත්වීම – පස්වරු 5.50
- 2025 මැයි 09 සහ 13 යන දිනවල ධාවනය වේ
-
විශේෂ දුම්රිය 03 “Vesak Morning Special” – කොළඹ කොටුව සිට බදුල්ල
- කොළඹ කොටුව පිටත්වීම – පෙරවරු 8.55
- 2025 මැයි 10 සහ 12 යන දිනවල ධාවනය වේ
-
විශේෂ දුම්රිය 04 “Vesak Morning Special” – බදුල්ල සිට කොළඹ කොටුව
- බදුල්ල පිටත්වීම – පෙරවරු 7.05
- 2025 මැයි 11 සහ 13 යන දිනවල ධාවනය වේ
-
විශේෂ දුම්රිය අංක 4021 “Intercity Express” – කොළඹ කොටුව සිට කන්කසන්තුරය
- කොළඹ කොටුව පිටත්වීම – පෙරවරු 5.30
- 2025 මැයි 09, 12 සහ 13 යන දිනවල ධාවනය වේ
-
විශේෂ දුම්රිය අංක 4022 “Intercity Express” – කන්කසන්තුරය සිට කොළඹ කොටුව
- කන්කසන්තුරය පිටත්වීම – පස්වරු 1.50
- 2025 මැයි 09, 12 සහ 13 යන දිනවල ධාවනය වේ
මෙම විශේෂ දුම්රිය සේවා මගින් නුවරඑළියේ පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවයට සහභාගි වීමට බලාපොරොත්තු වන මගීන්ට මෙන්ම, වෙසක් නිවාඩුව නිවසින් දුරින් ගත කිරීමට අපේක්ෂා කරන මගීන්ට ද පහසුවක් වනු ඇත.
රාජ්‍ය වෙසක් උත්සවය සහ දීර්ඝ සති අන්ත නිවාඩුව සැලකිල්ලට ගනිමින් දුම්රිය දෙපාර්තමේන්තුව මෙම විශේෂ දුම්රිය සේවා සැලසුම් කර ඇති අතර, මගීන්ට වඩාත් පහසු හා ආරක්ෂිත ගමනක් සඳහා මෙම විශේෂ දුම්රිය සේවා ප්‍රයෝජනයට ගන්නා ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව සියලු මගීන්ගෙන් ඉල්ලා සිටී.
Saru FM Media