රෂිකා හෙන්නායක
වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් රැඳවියන් 388 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව හිමිව තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව කාන්තා රැදවියන් 04 දෙනෙකුටත්, පිරිමි රැදවියන් 384 දෙනෙකුත් ඒ අතර බවයි,බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසුවේ.
ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව මගින් පැවරී ඇති බලතල අනුව එම සිරකරුවන්ට එලෙස රාජ්‍ය සමාව ප්‍රදානය කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Saru FM Media