වෙන්නප්පුව, නයිනමඩම, වෙල්ලමන්කරය ප්‍රදේශයේ මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දියේ ගිලී අතුරුදන් වූ සෙසු තරුණයක් තිදෙනාගේ මෘත ශරීර ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඉන් තරුණයන් දෙදෙනෙකුගේ මෘත ශරීර වෙල්ලමන්කරය වෙරළට අද පෙරවරුවේ ගොඩගසා තිබූ බවයි පොලීසිය පැවසුවේ.
සෙසු තරුණයාගේ මෘත ශරීරය එම මුහුදු තීරයේ පාවෙමින් තිබුණා.
එම මෘත ශරීරය ගොඩට ගෙන ඒමට පොලීසිය සහ නාවික හමුදා නිලධාරින්ට මහත් පරිශ්‍රමයක් යෙදීමට සිදුව තිබුණා.
ඒ, එම මුහුදු ප්‍රදේශය රළු වී තිබීම හේතුවෙන්.
සෙසු තරුණයා ඊයේ දිනයේම බේරා ගත්ත ද ඔහු මාරවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිටි බවයි පොලීසිය පැවසුවේ.
මේ වන විට මියගිය තරුණයන් සිව්දෙනාගේම මෘත ශරීර මාරවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබෙනවා.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෛයිකාල සහ බගවන්තලාව ප්‍රදේශවල පදිංචිකරුවන් සිව්දෙනෙක් බවද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.
මේ අතර මීගමුව බ්‍රවුන්ස් බීච් වෙරළ තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු ද දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.
එලෙස අතුරුදන්ව ඇත්තේ කලගෙඩිහේන ප්‍රදේශයේ තරුණයෙක්.
ඔහු තවත් තරුණයන් 07 දෙනෙකු සමග එම වෙරළ තීරයේ දිය නෑමට ගොස් සිටියදී අනතුරට ලක්ව තිබෙනවා.
අතුරුදන් වූ තරුණයා සොයා මීගමුව දූව නාවික හමුදා කඳවුරේ නිලධාරින්ගේ සහාය ඇතිව මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි මීගමුව පොලීසිය පැවසුවේ.
මේ අතර හලාවත, දැදුරු ඔයේ මන්කඩේ දිය නෑමට ගිය පුද්ගලයෙකු ද දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.
ඔහු මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
එම පුද්ගලයා තවත් පිරිසක් සමග විනෝද චාරිකාවක් සඳහා හලාවත ප්‍රදේශයට පැමිණ දිය නාමින් සිටියදී අතුරුදන්ව ඇති බවයි හලාවත පොලීසිය පැවසුවේ.
තවත් පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. ඒ, පුත්තලම, විල්ලුව වැවේ දිය නාමින් සිටියදීයි.
අතුරුදන් වූ පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ වී නැහැ.
Saru FM Media