වෙනස්ම විදිහකට ස්පැගති හදමු

0
12


පැස්ටා, මැකරෝනි, නූඩ්ල්ස් බොහොමයක් දෙනා අතර ජනප්‍රිය ආහාර බවට කිසිදු සැකයක් නැහැ. මාළු මස් සහ සෝස් වර්ග එකතු කිරීමෙන් ඒවායේ රස තව තවත් වැඩි වෙනවා. ඉතින් ඉතාලියේ පැස්ටා, මැකරෝනි රසට ප්‍රිය කරන ඔබටයි මේ ත්‍යාගය..

අවශ්‍ය ද්‍රව්‍ය: 

  • ස්පැගට් ග්‍රෑම් 500
  • බේකන් ග්‍රෑම් 200
  • ළුණු ග්‍රෑම් 150
  • තක්කාලි සෝස් කෝප්ප 2
  • ඔරිගානෝ තේ හැඳි බාගයක්
  • තෙල් මේස හැඳි 5

සාදන ක්‍රමය:

පළමුව ස්පැගට් තම්බන්න. වතුරට ලුණු සහ ඔලිව් තෙල් දමා රත්වන විට ස්පැගට් දමා තම්බන්න.

සෝස් සාදන අයුරු :

සාස්පනකට තෙල් දමා රත්කර කුඩාවට කපාගත් බේකන් දමා කර කර ගා හැපෙන ආකාරයට බැද කුඩාවට කපාගත් ළුණු දමා දුඹුරු වර්ණ වූ විට තක්කාලි සෝස් දමා අඩු ගින්දරේ විනාඩි 20 තබා එයට ඔරිගානෝ දමා ලුණු අවශ්‍ය පමණ දමන්න. මෙය ඉදෙන විට රතු වර්ණය ගනී. ඉන් පසු ලිපෙන් බා පැත්තකින් තබන්න. තම්බා ගත් පැස්ටා එයට කලවම් කර කැමති නම් ගාගත් පාමසන් චීස් උඩින් ඉසින්න.

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here