වෘත්තීය සමිති ලොක්කෙක් බදාදාට අතිකාල දීමනා ඉල්ලයි.. – Saru News | සිංහල

0
3

ලෝක වෙළඳපොළේ ඇතිවී තිබෙන දැඩි ඉන්ධන අර්බුදය හමුවේ ලෝකයේ රටවල් රැසක් විවිධ ආරක්ෂණ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සමාන්තරව ශ්‍රී ලංකාවට බදාදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර පෞද්ගලික අංශයෙන්ද එය අනුගමනය කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.

මෙම ක්‍රියාමාර්ගය පිළිබඳව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ නායකයෙකු වන රවි කුමුදේශ් අවස්ථාවාදී ප්‍රකාශයක් කරමින් විශේෂ වරප්‍රසාද ඉල්ලා ඇත. ඔහු සඳහන් කර තිබෙන්නේ බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර තිබීම නිසා පරිපූරක වෛද්‍ය වෘත්තීය වේදීන්ට අමතර නිවාඩු දින දීමනා ලබාදිය යුතු බවයි.

එවැනි ඉල්ලීමක් වෙනත් කිසිදු වෘත්තිය සමිතියකින් ඉල්ලීම පිළිබඳව සලකා බැලීමක් හෝ කර නොමැති පසුබිමක හුදු දේශපාලන අවස්ථාවෙන් පමණක්ම මෙම ප්‍රකාශය සිදුකර ඇති බව හෙළිවී තිබේ.

3

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here