විස්සයි විස්ස තරගාවලියේ අවසාන තරගය අද

0
3

නිශ්මං රණසිංහ ,මාර්තු 03 කොළඹ LNW:

බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවත්වෙන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ කොදෙව් දූපත් සංචාරයේ අවසාන තරගය අද පැවත්වෙනවා.ඒ විස්සයි විස්ස තරගාවලියේ තෙවැන්න ලෙසයි.

එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාව 2-1 ක් විදිහට ජයග්‍රහණය කළ අතර කැපී පෙණුන පිතිහරඹයක නියැලි හර්ෂිතා සමරවික්‍රම එම තරගාවලියේ වීරවරිය ලෙස නම් කරනු ලැබුවා.විස්සයි විස්ස තරගාවලියේදී පළමු තරගය ජය පරාජයෙන් තොරව නිම වුණේ වර්ෂාවෙන් ඇති වූ බාධා නිසයි.දෙවන තරගයෙන් කොදෙව් කාන්තා කණ්ඩායම පරාජය කරමින් කඩුලු 4 ක් ජයක් ලබන්නට ශ්‍රී ලංකාව සමත් වුණා.එම තරගයේ දී දක්ෂතාම ක්‍රීඩිකාව ලෙස අභිෂේක ගන්වන ලද චමරි අතපත්තු තුන් ඉරියව්වෙන්ම ශ්‍රී ලංකා ජයග්‍රහණයට උර දුන්නා.
මේ තරගාවලියේ ජයගත් විස්සයි විස්ස තරගයේදී පන්දු යැවීම සඳහා කැඳ වූ නිලක්ෂිකා සිල්වා කලෙකට පසුව තමන් වෙත පැවරුණු එම වගකීම නිසි ලෙස ඉටු කරමින් තමන් පිිතිකාරිණයක ලෙස මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩිකාවක ලෙස ද කණ්ඩායමට දායකත්වය දිය හැකි මට්ටමක සිටින බව පැහැදිළි කරනු ලැබුවා.

මේ තරගාවලියේ දී කොදෙව් තණතීරුවල ලකුණු ලබා ගැනීමේ දුෂ්කරතාවය හොඳින් දැක ගන්නට ලැබුණු අතර ඒ තත්ත්වයන්ට මුහුණ දෙමින් සාපේක්ෂව හොඳ දස්කම් දක්වන්නට හර්ෂිතා සමරවික්‍රම,හසිනි පෙරේරා,විශ්මි ගුණරත්න,කවීශා දිල්හාරි මෙන්ම අවශ්‍යය මොහොතේදී දිගු පන්දු පහරවල්වලට යාමට තමාට ඇති හැකියාව පෙන්වීමට දෙව්මි විහංගා ද කටයුතු කරනු ලැබුවා.

දෙව්මි පිතිකරණයේ ප්‍රහාරිකාවක ලෙස තමන් සතු හැකියාව තව දුරටත් පෙන්වීමටනම් ශරීර යෝග්‍යතාවය සම්බන්ධයෙන් වැඩි සැළකිල්ලක් යොමු කළ යුතු වෙනවා.කණ්ඩායම් කළමණාකාරීත්වය ද ඒ ගැන විශේෂ අවධානය යොමු කර කටයුතු කළ යුතු වන්නේ ඔහු දුර්ලභ තුන් ඉරියව් ක්‍රීඩිකාවක ලෙස ශ්‍රී ලංකාවට පහළ වූ විශේෂිත ක්‍රිකට් වටිනාකමක් නිසයි.මේ වන විටත් ඇය හොඳ පාලනයකින් පන්දු යවමින් සිටින අතර ඇයට ඇති පිතිකරණයේ ප්‍රහාරාත්මක හැකියාවට අවශ්‍යය පරිදි ශරීරය සහ පාද චලනයේ වේගය වෙනුවෙන් විශේෂ අවධානයකින් කටයුකු කිරීමට අවශ්‍යය වෙනවා.

චමරි අතපත්තු නායිකාවක ලෙස මෙන්ම ක්‍රීඩාවේ යෙදීමෙන් ලද අත්දැකීම්වලින් සියල්ලට පෙර තමා කණ්ඩායම වෙනුවෙන් අභියෝග භාර ගැනීමේ වගකීම ලබා ගනිමින්,තමන්ගේ පහළ පරපුරට දෙන ආදර්ශය මෙම තරගාවලියේදී කැපී පෙණුනා.විශේෂයෙන්ම තරගයේ තීරණයන් දෙපසට දෝලනය වෙමින් පවතින තීරණාත්මක මොහොතක දැඩි ආත්ම විශ්වාසයකින් කටයුතු කරමින් ඇය පන්දු යැවීමට පැමිණ තරගය වෙනස් කරන අයුරු මේ තරගාවලියේදී හොඳින් පැහැදිළි වුණා.අප නිතර ලෝක කුසලාන පිරිමි විස්සයි විස්ස තරගාවලිය සමඟ සංසන්දනය කරමින් දසුන් ශානකට වඩා චමරි සතු එම ගුණය ක්‍රිකට් අනාගතය හැදෑරිය යුතු බව ප්‍රකාශ කළ අයුරෙන්ම අද ද ඇයගේ තරග දායකත්වය ශ්‍රී ලංකාවට ආශිර්වාදයක් පමණක් නොව ආදර්ශයක් ද වන්නැයි ප්‍රාර්ථනා කරනවා.

The post විස්සයි විස්ස තරගාවලියේ අවසාන තරගය අද appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here