විවාහයට පෙර මේ පොරොන්දමත් බලා ගන්න

0
3

විවාහ වීමට පෙර අපේ සංස්කෘතිය අනුව ගලපාගත හැකි තැන් බොහොමයක් පිලිබඳ අප විමසිලිමත් වනවා. ඒ වගේම විවාහයට පසු තමන්ගේම කියා දරුවෙකු තමා හැමෝගෙම ප්‍රාර්ථනය. එහෙත් විවාහයට පෙර මොනවා ගැළපුවත්, මොන ප්‍රර්ථනාවන් තිබුණත් ඉතාමත්ම සරල දේවල් කිහිපයක් නොදැන සිටීම නිසා ඔබේ මුළු ජිවිතයම අඳුරු වෙන්න පුළුවන්. ඔබේ රුධිරය ගැලපෙනවාද යන්නයි ඒ වැදගත්ම කරුණ

අපේ රුධිරය

අපේ රුධිර වර්ග සෑදී තිබෙන්නේ A+, B+, AB+, O+ ලෙස සහ A_, B-, AB_, O_  ලෙසයි. එනම් රුධිරය කාණ්ඩ 8 කට වෙන්කළ හැකියි. ධන සහ ඍන ලෙස එය ප්‍රධානව කොටස් දෙකක්.

ධන සෘණ කොහොමද ගලපාගන්නේ

අනිවාර්යයෙන්ම මව සහ පියා + නම් කිසිදු ගැටළුවක් නැහැ. එහෙත් වර්ග දෙකෙන් නම් දරුවාට එය බලපාන්නට ඇති ඉඩ කඩ වැඩි වනවා. දරුවා ඉපදුණ පසු කහ පැහැයක් ගන්නවා. සමහර දරුවන්ට රුධිරය ඉවත් කර රුධිරය ලබා දීමට සිදුවෙනවා. නමුත් මේ සඳහා ප්‍රතිකාර තිබෙනවා. ඥාති විවාහයන්හි මෙන් ජාන සම්බන්ධ ගැටළුවක් නොවන නිසා දරුවන් අංග විකල වීමට, විවිධ  ජානගත රෝග ලක්ෂණ මතුවීම වැනි තත්වයන් මේ නිසා ඇති වෙන්නේ නෑ.

පෙර සූදානම හැම දේකටම හොඳයි

ඉතින් දෙමාපියන් කේන්දර පසුපස, නැකත් කරුවන් පසුපස හඹා යද්දී, නවීන දැනුමෙන් පොහොසත් ඔබ අනිවාර්යයෙන්ම රුධිර පරික්ෂාවකට යොමු වීම අනාගත පරම්පරාවම සුරැකෙන දෙයක් බව පැහැදිළියි නේද ?

– චම්මි –

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here