විවාහ ජීවිතය තුළ ඔබ තනි වෙලාද?

0
11


තනිකම කියන්නේ ජීවිතය තුළ කෙනෙකුට ලැබෙන දරුණුම දඬුවමකට.තනි වීම සිදු වන්නේ විවාහය තුළ නම් එය ඔබව දරුණු පීඩනයකට ලක් කරන බව නොකියාම බැහැ.කුටුම්භයක් තුළ තනි වූ ගැහැනුන්ගේ කඳුළු කතා ගැන අපි (අ) හිමි සිහින තුළින් වගේම SmartLady ෆේස්බුක් සමූහයේ නිර්නාමික ගැටලු හරහාත් කතා කරන තැන් ඕනෑතරම්.මොනතරම් මිතුරු සමාගම් තිබුණත් සැමියා ඔබ සම්බන්ධයෙන් සැලකීමක් නැතිනම් ඔබට සැබෑවටම තනිකමක් දැනෙන්න පුලුවන්.

ඒ වගේ මොහොතකදී ඔබ කරන්න ඕනෑ මොනවද කියල අපි අද කතා කරමු.

ඔබ දෙදෙනා එක නිවසක එකට සිටියත් මහත් තනිකමක් දැනෙනවා නම් ඉන් අදහස් වෙන්නේ ඔබ විවාහය තුළ තනි වී ඇති බවයි.

කෙනෙක් පවසන දේට අනිත් කෙනා අකමැති බව වටහාගෙන කතාබහ කිරීමෙන් වැළකී සිටීමත් තනිකම ඇති වෙන්නට හේතුවක්.

රැකියාව නිම වී නිවසට එන්නට කල් ගැනීම,වෙනත් කාමරයක නිදන්නට යාම, නිවසට ආ විට වෙනත් වැඩකටයුතු මවාගෙන ඔබෙන් ඈත් වී සිටීම ඔහු අතින් සිදු වෙනවානම් ඉන් අදහස් වන්නේත් ඔහු ඔබව තනිකරමින් සිටින බවයි.

හොඳ පවුල් ජීවිතයකට ලිංගික සම්බන්ධතා අත්‍යවශ්‍යම දෙයක්.කිසිම සරාගී අත්දැකීමක් ඔබට නොලැබී සති මාස ගෙවී යනවානම් ඉන් අදහස් වෙන්නේත් ඔබ දෙදෙනා එකිනෙකාගෙන් ඈත් වෙන බවක්.

එකිනෙකා අතර යහපත් සන්නිවේදනය නැති වීම සහ දෙදෙනාට දෙදෙනාව අප්‍රසන්න වීම පමණක් මෙයට හේතු නොවන බවයි පර්යේෂකයන් පවසන්නේ.එයට හේතු ගණනාවක් බලපාන්නට පුලුවන්.

ඔබට පවුලේ කටයුතු වගේම රැකියාවේ කටයුතු ගැන තදබල පීඩනයක් තිබීම ම ඔබව ජීවන සටනකට ඇද දමනවා.දරුවන්ගේ කටයුතු,මූල්‍යම අවශ්‍යතා,රැකියාව සම්බන්ධ කාර්යබහුල කාලසටහන් නිසා ඔබ අනිකාව විනිශ්චය කරමින් උදව් නොකිරීම ගැන පැමිණිලි කරන්නට පුලුවන්.මෙය එකිනෙකාට අනෙකාව අමතකව යන්නට හේතුවක්.

ණය,රැකියාව සම්බන්ධ ප්‍රශ්න සහ පෞද්ගලික ජීවිතය සම්බන්ධ ප්‍රශ්න නිසා පීඩිතව සිටින විට බොහෝ අයට අවශ්‍ය වන්නේ තනි වෙන්නට.මෙවැනි අවස්ථාවල අනෙකාව මඟ හැරෙන්නේ අපි නොදැනුවත්වමයි.ඒ නිසා තමන් මානසික පීඩාවක සිටිනව නම් ඉන් මිදීම අනිකාට කරන ලොකු සාධාරණයක්.

ඔබ සමහරවිට ඔහු ඔබට ලබා දෙන දේ සහ කාලය ගැන අනවශ්‍ය තරමට බලාපොරොත්තු ගොඩ ගසා ගන්නවා විය හැකියි.ඒවාට කාලය වැය කරන්නට ඔහු අපොහොසත් වූ විට ඔබ කරන්නේ ඔබ තනිව ඇති බවට පැමිණිලි කිරීමයි.මෙය ඔබගේ අඩුපාඩුවක් වන අතර ඔබ ඔහුගේ තත්ත්වය තේරුම් ගැනීම එයට හොඳම විසඳුම වෙනවා

සමාජ ජාලාවල සැමියන් බිරිඳව තදින් සිප ගන්නා ඡායාරූප ඔබ දැක ඇති.තම බිරිඳට නොයෙකුත් තෑගි දෙන සැමියන්,තම බිරිඳ ගැන විවිධ ආදර සටහන් ලියන සැමියන් ඔබ දැක ඇති.ඔබේ සැමියා එහෙම නෑ කියලා ඔහුට නිරන්තරයෙන්ම දොස් පැවරීම සහ අපහාස කිරීමට යාමත් ඔහු ඔබගෙන් ඈත් වෙන්න හේතුවක්.

ඔහුට කෙනෙකුට රිදවීමට ඇති ඇල්ම හෝ තනිව ජීවත් වීමට උවමනා වීම තනිකරම පෞරුෂ ගැටලුවක්.ඒවාට නම් ඔබට කළ හැකි දෙයක් නැහැ.

මොනවද මේ වෙනුවෙන් කරන්න පුලුවන්?

සාමාන්‍යයෙන් ඕනෑම ගැටලුවක් සම්බන්ධයෙන් ඔබ මුලින්ම කළ යුතු වන්නේ දෙදෙනා සමඟ සාකච්ඡා කිරීමයි.ඉනික්බිතිව එයට ඔබට විසඳුම් සෙවිය නොහැකි නම් දෙදෙනා සමඟ පවුල් උපදේශනයට යොමුවීම වඩාත්ම සාර්ථක විසඳුම වෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here