විරේන්ට අනපේක්ෂිත පරාජයක්

0
9

නිශ්මං රණසිංහ පෙබරවාරි 21, කොළඹ LNW:

උගන්ඩාවේ කම්පාලා නුවර දී ක්‍රියාත්මක,උගන්ඩා ජාත්‍යන්තර අභියෝගතා බැඩ්මින්ටන් සූරතාවලියේ දී ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහට අනපේක්ෂිත පරාජයකට මුහුණ දෙන්නට සිඳු වුණා.ඒ ඔස්ට්‍රේලියාවේ කරෝනෝ කරෝනෝ ඉදිරියේ යි.එහිදි වට 2-0 ක් ලෙස විරේන්ට පරාජය අත් වූ එම තරගයේ ලකුණු සටහන 21 – 19 සහ 21 – 14 ක් ලෙස දැක්වුණා.

ඒ අනුව මෙම තරගාවලියට අදාළ ශ්‍රේණිගත කිරීම්වල අංක එකට සිටි විරේන්ට, අවසන් අට දෙනා අතරට පිවිසීමෙන් අනතුරුව තරගාවලියෙන් ඉවත්වෙන්නට සිඳුවෙනවා.එම තරගාවලියේ මුල් වටයේ දී ඉන්දියාවේ නීර් නෙවාල් පරාජය කළ විරේන්,ඉනික්බිතිව ඉන්දියාවේම රගු මරිස්වාමි පරාජයට පත් කළේ 2-1 ක් ලෙසයි.එහි ලකුණු තත්ත්වය දැක් වුණේ 18 – 21,21 – 11 සහ 21 – 18 ක් ලෙසයි.

The post විරේන්ට අනපේක්ෂිත පරාජයක් appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here