විපක්ෂයේ එකතුව මාලිමාවට දැනෙන හැටි

0
5


ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇති වීම ආණ්ඩුවට අභියෝගයක් නොවන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. 

නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ විපක්ෂයේ කණ්ඩායම් අතර එකඟතාවක් ඇති වුවද ඔවුන්ට දීර්ඝ කාලයක් එක්ව කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බවයි. 

Neth Sound · JAYASINGHE 01

ජාතික ජන බලවේගය මෙන් කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කිරීමට විපක්ෂයේ කණ්ඩායම්වලට නොහැකි බවද නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මෙහිදී කියා සිටියා.

Neth Sound · JAYASINGHE 02

මේ අතර පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දරණ ස්ථාවරය කුමක්ද? යන්න එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙලෙස පැහැදිලි කළා. 

Neth Sound · NAMAL 01

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉකුත් දා සිදු කළ ප්‍රකාශයකට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා දැක්වූ ප්‍රතිචාරයයි මේ.

Neth Sound · MUJIBER 01

මතුව ඇති තත්ත්වයන් හමුවේ පළාත් පාලන ආයතනවල බලය ඩැහැ ගැනීම සඳහා දේශපාලන පක්ෂ ක්‍රියාත්මක වෙමින් ඇති ආකාරය පිළිබඳ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා දැක්වූයේ මෙවන් අදහසක්.

Neth Sound · HAKEEM 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here