විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (25) පෙරවරුවේ වතිකානු තානාපති කාර්යාලය වෙත ගොස් ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සම්බන්ධයෙන් සිය ශෝකය පළ කිරීමට කටයුතු කළේය.Sri Lanka Latest News
මෙරට වතිකානු තානාපති කාර්යාලය වෙත පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අගරදගුරු බ්‍රයන් උඩෙයිග්වේ හිමිපාණන් වහන්සේ හමු වී කෙටි කතා බහක නිරත වීමෙන් අනතුරුව සිය ශෝකය පළ කිරීමට කටයුතු කළේය. ඉන් අනතුරුව එහි තැන්පත් කර තිබූ ශෝක සටහන් පොතේ සටහනක්ද තබමින් අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සියලු ලෝකවාසී කිතුනු ජනතාව වෙත සිය ශෝකය පළ කරන ලදී.





Saru FM Media