විපක්ෂ නායක හා යුරෝපා සංගමයේ තානාපතිනිය අතර හමුවක්!

0
16


කොළඹ LNW:විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති ශ්‍රීමත් කැමරන් මොන්රෝ මහත්මිය අතර හමුවක් අද (04) සිදුව තිබේ.

GSP+ ප්‍රවේශය පිළිබඳ එහිදී අවධානය යොමුව ඇති අතර සජිත් ප්‍රේමදා මහතා පවසන්නේ GSP+ ප්‍රවේශය දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින නමුත් එයින් රටක් ලෙස පූර්ණ ප්‍රයෝජන ගන්නවාද යන්න පිළිබව අවධානය යොමුකළ යුතු බවයි.

ඇමරිකානු තීරුබදු ගැටළුව මතුවන විට, අවදානම් කළමනාකරණය කිරීමට පමණක් නොව, නව අපනයන අවස්ථා විවෘත කිරීමටද යුරෝපා සංගමය වැනි හවුල්කරුවන් සම්බන්ධ කර ගත යුතු අතර ශ්‍රී ලංකාව තවදුරටත් බලා නොසිට ක්‍රියා කළ යුතු බව ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here