ජාතික ජන බලවේග ආණ්ඩුවේ විදේශකටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් සහ ජර්මනියේ ෆෙඩරල් විදේශ ඇමති ආචාර්ය Johann Wadephul හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා තිබේ.
ඒ, ජර්මානු – ආසියා පැසිෆික් ව්යාපාරික සංගමයේ 125 වැනි සංවත්සර උත්සවයට සහභාගී වීම සඳහා මේ දිනවල එරට නිල සංචාරයක නිරත අතරතුදීය.
මෙම හමුව ශ්රී ලංකාව සහ ජර්මනිය අතර ශක්තිමත් හා දිගුකාලීන හවුල්කාරිත්වය නැවත තහවුරු කළ හමුවක් මෙන්ම දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, වෙළඳාම සහ ආයෝජන වැඩි කිරීම සහ යුරෝපීය සංගමයේ තුළ සහයෝගීතාවය වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.
දිත්වා සුළි කුණාටුවෙන් පසු ජර්මනිය විසින් ලබා දුන් සහායද මෙම හමුවේදී බෙහෙවින් අගය කර ඇති විදේශකටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත්, දෙරටටම වැදගත් ප්රමුඛතා ඉදිරියට ගෙන යාමට සහ ශ්රී ලංකා-ජර්මානු සබඳතා තවදුරටත් තහවුරු කිරීම කෙරෙහිද මෙම සාකච්ඡාවේදී අවදානය යොමු කර ඇත.




0
Saru News













