රෂිකා හෙන්නායක මාර්තු 05, කොළඹ LNW :
මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුද වාතාවරණය හමුවේ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා එරට රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ විශේෂ සාකච්ඡාවක නිරත වී ඇත.
මෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ එම රටවල සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ පවතින තත්ත්වය පිළිබඳව සොයා බැලීමයි.
දැනට මෙරටට පැමිණ සිටින මැදපෙරදිග සංචාරකයන්ගේ සුභසාධනය රජය විසින් සහතික කර ඇති බවත්, ඕනෑම හදිසි අවස්ථාවකදී මානුෂීය ආධාර සැපයීමට ශ්‍රී ලංකාව සූදානම් බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ මෙම මැදිහත්වීමට එම විදේශ අමාත්‍යවරුන් සිය ස්තූතිය පළ කර ඇති අතර, එහි වෙසෙන ලාංකිකයන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳව සහතිකයක් ද ලබා දී තිබේ.
මෙය දෙරට අතර පවතින සහයෝගීතාවය සහ ශ්‍රී ලාංකිකයන්ගේ යහපත උදෙසා ගත් කාලෝචිත පියවරක් ලෙස හැඳින්විය හැකිය.
මෙමගින් විදහා දැක්වෙන්නේ කලාපීය අර්බුද හමුවේ රජය ක්‍රියාත්මක කරන සක්‍රීය විදේශ ප්‍රතිපත්තියයි.


The post විදේශ අමාත්‍ය විජිත මැදපෙරදිග කලාපයේ රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ විශේෂ සාකච්ඡාවක්! appeared first on LNW Sinhala.
Saru News
















