විදෙස් ගමන් බලපත්‍ර ප්‍රශ්නය තවමත් විසඳිලා නැද්ද?

0
4


රෂිකා හෙන්නායක මැයි 20, කොළඹ LNW :

අද (20) දින පාර්ලිමේන්තුවේදී , පසුගිය වසරේ ඉල්ලුම් කළ විදෙස් ගමන් බලපත්‍ර තවමත් ජනතාව වෙත ලැබී නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ප්‍රකාශ කළේය. 

මන්ත්‍රීවරයා පැවසුවේ, විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේදී ජනතාව ගැටලු රැසකට මුහුණ දෙමින් සිටින බවයි .

පසුගිය වසරේ ඉල්ලුම් කළ ගමන් බලපත්‍ර 43,000ක් ප්‍රමාද වී ඇති බවද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.. 

විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම මේ වන විටත් විධිමත් අයුරින් සිදුවන බව, ඊට ප්‍රතිචාර ලබා දෙමින් මහජන ආරක්ෂක ආනන්ද විජේපාල මහතා පැවසුවේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here