විදුලි බිලේ අවසන් තීන්දුව ජුනි මාසයේ!

0
4


රෂිකා හෙන්නායක මැයි 18, කොළඹ LNW :

විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා විදුලිබල මණ්ඩලය කළ යෝජනාවට අදාළ අවසන් තීන්දුව ජුනි මාසයේ මුල් සති දෙක තුළ ප්‍රකාශයට පත් කරන බව  මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. 

අදාළ යෝජනාව සම්බන්ධයෙන් සියලු පාර්ශවවල අදහස් ලබා ගැනීමට මහජන උපදේශන පත්‍රිකාව ලබන 20 වනදා ප්‍රකාශයට පත් කරන බව, එහි සන්නිවේදන අධ්‍යක්‍ෂ ජයනාත් හේරත් මහතා කියා සිටී.

විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් අදාළ යෝජනාව පසුගිය 16 වනදා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබුනු අතර, ඒ අනුව 18.3% කින් විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා එම මණ්ඩලය යෝජනා කර තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලය පෙන්වා දී ඇත්තේ, විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවේ දී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහළ දැමීමට යෝජනා කර ඇති බවයි.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here