විදුලි ගාස්තු සංශෝධනය ප්‍රකාශ කරන දිනය කොමිසම කියයි.

0
4


විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා විදුලිබල මණ්ඩලය කළ යෝජනාවට අදාළ අවසන් තීන්දුව ජුනි මාසයේ මුල් සති දෙක තුළ ප්‍රකාශයට පත් කරන බව  මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. 

එහි සන්නිවේදන අධ්‍යක්‍ෂ ජයනාත් හේරත් මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ අදාළ යෝජනාව සම්බන්ධයෙන් සියලු පාර්ශවවල අදහස් ලබා ගැනීමට මහජන උපදේශන පත්‍රිකාව ලබන 20 වනදා ප්‍රකාශයට පත් කරන බවයි. 

Neth Sound · JAYANATH 01

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව අවදානය යොමු කරන කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. 

Neth Sound · JAYANATH 02

විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් අදාළ යෝජනාව පසුගිය 16 වනදා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබුණා. 

ඒ අනුව සියයට 18යි දශම තුනකින් විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා එම මණ්ඩලය යෝජනා කර තිබෙනවා. 
 

විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවේ දී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහළ දැමීමට යෝජනා කර ඇති බවයි ලංකා විදුලි බල මණ්ඩලය පෙන්වා දී ඇත්තේ. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here