විටමින් ඊ කාන්තා ඔබේ සුන්දරත්වයට මේ තරම් වටින බව දන්නවද ?

0
13


“ඔයා හරිම ලස්සන වෙලා අනේ”

 මාශි එහෙම කිව්ව සෑහෙන කාලෙකට පස්සෙ පබාගෙ ස්කින් එකේ වෙනසක් දකින්න ලැබිච්ච හන්දා. 

පුදුම ලස්සන පාටක් හමට වැටිල තිබුනෙ. 

කොහොමත් ලස්සන පබා ඒ වෙනස එක්ක පබාවතී වගේ කියලයි මාශි දැක්කෙ 

 “හස්බන්ඩ් රට ඉඳල එද්දි අර අලුත් ක්‍රීම් එකක් ගෙනාවනෙ. හරි ශෝක් අනේ. ස්කින් එක ලස්සනට පාට වෙනවා”

 “ශෝක්නේ. මොනවයින්ද හදල තියෙන්නෙ?” 

 “විටමින් ඊ වලින්. ඒක ගාන්න පටන් ගත්තට පස්සෙ ලොකු වෙනසක් පේනව. මම විටමින් ඊ බොන්නත් ගත්තා”

 “විටමින් ඊ ස්කින් එකට හොඳයිලු නේද?” 

 ඇත්තටම විටමින් ඊ අපේ සම ලස්සන කරන්න හේතු වෙනවද?

 විටමින් ඊ වලින් අරක වෙනව මේක වෙනව කියල අහල තිබුනට ඔය කතා හැම එකක්ම ඇහිච්ච ඒව හන්ද අපි හිතුව හොයල බලන්න ඇත්තටම මේ විටමින් ඊ කියන්නෙ අපේ හම ලස්සන කරන්න උදව් වෙන දෙයක්ද කියල 

 විටමින් E කියන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්දිතියට උදව් වෙන වගේ සෛල ප්‍රතිජනනය කරන්න උදව් වෙන ශරීරයට අවශ්‍ය පෝශකයක්. 

 විටමින් E සමේ සෞඛ්‍යය සහ පෙනුම සඳහා උදව් වෙන බව අපි හැමෝම අහල තියෙනවා. 

ඒ මගින් සමේ තරුණ පෙනුම රැකගන්න උපකාරී වෙන බව සඳහන් වෙනවා. 

Overnight anti aging treatment එකක් විදියට විටමින් E යොදා ගන්නවා. 

විටමින් E වල තියෙන්නෙ උකු, ඝන ස්වභාවයක් නිසා රාත්‍රියේ ආලේප කරල රාත්‍රිය පුරාම තියෙන්න අරින එකෙන් ඒක අපෙ සමට fully absorb කරගන්න තියන ඉඩ වැඩියි 

 උදේ වරුවෙ ඒක ගෑවොත් වෙන්නෙ මූණෙ අර තෙල් ගතියට තියෙන නිසා ඔයාට ඒක හෝදල යවනකම් වෙන මුකුත් මූණෙ ගාන්න බැරි වෙන එක 

 ඉතින් ඒ නිසා ඔයාලට පුලුවන් විටමින් E අඩංගු වෙන ක්‍රීම් එකක් හරි සීරම් එකක් හරි භාවිතා කරල ඒ ප්‍රශ්නෙ මග ඇරගන්න 

 1- මුහුණ හොඳින් පිරිසිදු කරල ක්‍රීම්, මේකප් වගේ දේවල් ඉවත් කරගන්න. මද රස්නෙ වතුරෙන් මූණ සෝදල හෙමින් පිසදාගන්න 

 2- Pure විටමින් E යොදාගන්නවනම් ජොජෝබා ඔයිල්, ආල්මන්ඩ් ඔයිල් වගේ දේකට විටමින් E වලින් බිංදු දෙක තුනක් එකතු කරල ගාන්න 

 3- ඇඟිලි තුඩු වලට විටමින් E අරගෙන මුහුණ මත කවාකාරව ආලේප කරන අතරෙම සෙමින් මසාජ් කරන්න. ඒකෙන් ඔයාගෙ රුදිර සංසරණය stimulate කරනවා 

 4- ආලේප කරල නිදාගන්න කලින් විනාඩි 20 වත් ඉන්න. නැත්තම් කොට්ට මෙට්ට වල ගෑවෙනවනෙ. සතියට එක වරක් හෝ දෙවරක් කරාම වඩා හොඳයි. 

 Oral supplements 

 විටමින් E ඔයාලට Oral supplement එකක් විදියට අරගන්න පුලුවන්. ඒ ඔස්සේත් ඔයාගෙ සමට තරුණ බවක්, දීප්තිමත් බවක් අරගෙන එන්න ඔයාලට ඉඩ ලැබෙනවා. 

 Spot treatment 

 සමහර අය විටමින් E spot treatment එකක් විදියටත් අරගන්නවා. ඒ ගොඩක් වෙලාවට කුරුලැ ලප වගේ දේවල් මුහුණෙ තියෙද්දි. 

 විටමින් E Mask 

 විටමින් E තියෙන beauty mask treatment වලිනුත් ඔයාලට පුලුවන් ඔයාලගෙ හමට අවශ්‍ය දීප්තිය සහ තරුණ බව අරගන්න.  

මේ විටමින් E Masks විටමින් C වගේ දේවල් එක්ක pair කරල භාවිතා කරන එක තමයි වඩාත් හොඳ. 

 ගෙදරදිම ඔයාලට මෙහෙම Mask එකක් හදාගන්න පුලුවන් මෙන්න මෙහෙම. 

 විටමින් E ආල්මන්ඩ් ඔයිල් එක්ක එකතු කරගන්න. ඒකට ලෙමන් යුශ, මී පැණි සහ අලිගැටපේර එකතුකරගන්න. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here