දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරුවක මෙන්ම දේශපාලනඥයකු වන තලපති විජේ සහ ඔහුගේ බිරිඳ සංගීතා සෝර්නලින්ගම් වසර 27ක විවාහ ජීවිතය අවසන් කිරීමට තීරණය කර ඇත.
ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව, සංගීතා විසින් තමිල්නාඩුවේ චෙංගල්පට්ටු අධිකරණය හමුවේ දික්කසාදය ඉල්ලා පෙත්සමක් ගොනු කර ඇත.
ANI පුවත් සේවය වාර්තා කරන අන්දමට, සංගීතා විසින් ඉදිරිපත් කළ එම පෙත්සමෙහි සඳහන් වන්නේ විජේ වෙනත් නිළියක සමඟ පවත්වාගෙන යන අනියම් සබඳතාවක් හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවය.
සමාජ සේවිකාවක මෙන්ම ව්‍යවසායිකාවක ද වන සංගීතා, දික්කසාදයට අමතරව තමන් මෙතෙක් පදිංචිව සිටි නිවසේ පදිංචි වීමේ අයිතිය මෙන්ම ස්ථිර නඩත්තු දීමනාවක් ද විජේගෙන් ඉල්ලා තිබේ.
1999 වසරේදී විවාහ වූ විජේ සහ සංගීතා යුවළට වයස අවුරුදු 25ක පුතකු (ජේසන් සංජේ) සහ 20 හැවිරිදි දියණියක ද (දිව්‍යා සාෂා) සිටිති.
මෙම දික්කසාද පෙත්සම සම්බන්ධයෙන් විජේ මෙතෙක් නිල වශයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.
සංගීතා ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තැනැත්තියක් වීම නිසා විජේ ලාංකික දේශපාලන කාරණාවලදී බොහෝවිට ඔහුගේ දායකත්වය ලබාදී තිබූ බවද පැවසේ.
Saru News
















