විගණකාධිපති ධූරයට ජනාධිපති එවපු නමට හැම පැත්තෙන්ම විරෝධය! ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව නම ප්‍රතික්ෂේප කරයි! විගණන ක්ෂේත්‍රයෙනුත් පහර පිට පහර! VIDEO I Sri Lanka Latest News

0
3


විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නිර්දේශය අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප වී තිබෙනවා. Sri Lanka Latest News

හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම යාමෙන් පසු මේ වනවිට දින 42 ක කාලයක සිට එම තනතුර පුරප්පාඩුවයි පවතින්නේ. 

කෙසේ වෙතත් පුරප්පාඩු වී ඇති විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන එච්.ටී.පී චන්දනගේ නම නිර්දේශ කර තිබූ බවයි වාර්තා වන්නේ. 

කෙසේ වෙතත් ඒම නිර්දේශය සම්බන්ධයෙන් ඊයේ පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදීද එකඟතාව පළ වූයේ නැහැ. 

ඒ අනුව එය අද යළි රැස්වුණේ ඒ සම්බන්ධයෙන් යළි සළකා බැලීම සඳහායි. 

එහිදී විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නමට පක්ෂව ඡන්ද 3 ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 5 ක් හිමිව තිබුණා. 

එක් සාමාජිකයෙක් පමණක් ඡන්දය ලබාදීමෙන් වැළකී සිට තිබෙනවා. 

අද පාර්ලිමේන්තුවේදී ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ මුජිබුර් රහුමාන් ඒ පිලිබද අදහස් පළ කර තිබුණා. 

මේ අතර ශ්‍රී ලංකා විගණන සේවා සංගමය ඇතුළු වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ද අද මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් අදහස් පළ කළා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here