විගණකාධිපති ධුරය ගැන අවසන් තීන්දුව අනිද්දා

0
9

විගණකාධිපති ධුරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යොමු කළ යෝජනාව සම්බන්ධයෙන් මේ දිනවල කරුණු අධ්‍යනය කරමින් සිටින බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

ජනාධිපතිවරයා විසින් පස්වන වරටත් ව්‍යවස්ථාදායක සභාවට විගණකාධිපති ධුරය සඳහා පුද්ගලයෙකුගේ නමක් යෝජනා ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඊයේ රැස්ව අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබුණද එළැඹෙන අඟහරුවාදා දිනයේදී ව්‍යවස්ථාදායක සභාව රැස්වී අවසන් තීරණයක් ගන්නා බව ඊයේ (31) මහනුවරදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසා තිබුණි.

“විගණකාධිපති ධුරය සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාව රැස්වෙලා සාකච්ඡා කළා. ජනාධිපතිවරයා අලුත් නමක් එවලා තියෙනවා. ඒක අධ්‍යනය කරන්න සාමාජිකයින්ට යම් කාලයක් ඕනේ. ඒ නිසා අපි පෙබරවාරි මාසේ 3 වැනිදා පාර්ලිමේන්තුව රැස්වෙන දවසෙම මේ පිළිබඳව තීන්දුවක් ගන්නවා,” බවයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here