රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය හෙට (28) උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්වල අඛණ්ඩ වැඩවර්ජනයකට යොමු වීමට තීරණය කර තිබේ.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පැවැත්වෙන කාලය තුළ, විකිරණ පරීක්ෂණ, CT පරීක්ෂණ, MRI පරීක්ෂණ, mammogram පරීක්ෂණ හා ශල්‍යාගාරවල විකිරණ භාවිත කරමින් සිදුකරනු ලබන සැත්කම් සියල්ල හෙට දිනයේ අඬාල වීමට නියමිත බව එම සංගමයේ සභාපති, චානක ධර්මවික්‍රම මහතා පවසයි.
මෙය අඛණ්ඩව සිදුකිරීමට සිදුවුයේ පසුගිය 21 වන දින දියත් කළ එක්දින වැඩවර්ජනයට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවද ඒ මහතා සඳහන් කළේය.
මාළිගාවත්ත රෝහලේ සුදුසුකම් නොලත් පුද්ගලයින් විසින් රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ සිදුකිරීමට විරෝධය පළ කරමින් රජය විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගනු ලැබීය.
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
ගැටළුවට විසඳුම් ලබාදීමට ලබා දුන් දින 7ක කාලය බදාදායින් අවසන්.විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය අඛණ්ඩ වෘත්තීය අරගලයකට සැරසෙයි
මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස රාජකාරී ආවරණය කරන පුද්ගලයා විසින් සිදුකළ නීති විරෝධී සහ විෂමාචාරී ක්‍රියාව සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් සිදු කළ යුතු බවත් ඒ සඳහා ඔහු එම තනතුරෙන් සහ රෝහලෙන් තාවකාලිකව හෝ ඉවත් කළ යුතු බවත් සෞඛ්‍ය නියෝජ්‍ය මැතිවරයා සමග 21 වෙනිදා පැවති සාකච්ඡාවේදී පෙන්වා දෙන ලදී. එහිදී සතියක කාලයක් තුළ ඒ සම්බන්ධයෙන් තීරණය ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා විසින් පොරොන්දු වුවද මේ වනතෙක් ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කර නොමැත.
ඒ අනුව පෙනී යන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් තවදුරටත් මෙලෙස වැරදි කරන පුද්ගලයන් ආරක්ෂා කිරීමට කටයුතු සිදුකරන බවයි. අක්කරේපත්තු රෝහලේ අධ්‍යක්ෂකවරයා සම්බන්ධයෙන් එක් තීන්දුවකුත් මාලිගාවත්ත රෝහලේ නියෝජ්‍යත් දක්ෂක ධූරය දරන පුද්ගලයා සම්බන්ධයෙන් එක්ක් තීරණයකුත් ගැනීම තුළ එය මනාව පැහැදිලි වෙයි.
ඒ අනුව 28 වෙනිදා උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්හි විකිරණ තාක්ෂණවේදීන් මෙම ගැටළුවට විසඳුම් ලැබෙන තෙක් අඛන්ඩව වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
එසේම සෞඛ්‍ය සේවාව තුළ මෙලෙස අනීතික සහ විෂමාචාරී ක්‍රියාවන්හි නිරත පුද්ගලයන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග සහ එවැනි පුද්ගලයන්ට ආරක්ෂාව සපයන සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් පිළිබඳව විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අවධානයෙන් සිටින බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටී. වර්ජනය හේතුවෙන් රෝගී සත්කාර සේවාවන්ට සිදුවන බලපෑම සම්බන්ධයෙන් සියලු වගකීම් තම වගකීම පැහැර හැරි සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් භාරගත යුතු බවද මහජනතාව වෙත දන්වා සිටී.
චානක ධර්මවික්‍රම
සභාපති
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය
Saru News








