විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

0
8

රජය විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ඊයේ (21) උදෑසන 8ට ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද (22) උදෑසන 8 සිට දින 7කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැති අතර එම සාකච්ඡාවේදී මාළිඟාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස රාජකාරී ආවරණය කරන පුද්ගලයා විසින් සිදුකළ නීතිවිරෝධී සහ විෂමාචාරී ක්‍රියාව සම්බන්ධයෙන් මේ වන විටත් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් සතියක කාලයක් ඇතුළත සංඝමයේ ඉල්ලීම පරිදි අපක්ෂපාතී විමර්ශනයකට අවශ්‍ය වටපිටාව සකස් කිරීමට අදාල තීරණය ගන්නා බවට එකඟතාවය පළ කර ඇත.

එසේම අදාළ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන්ද කඩිනම් විමර්ශනයක් ආරම්භ කිරීමටද එකඟතාවය පළ කර ඇතැයි රජයේ විකිරණ විද්‍යා  තාක්ෂණවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ රැස්වූ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ විධායක සභාව මෙම වර්ජන ක්‍රියාමාර්ගය දින 7කට තාවකාලිකව අත්හිටුවීමටත් පොරොන්දු වූ කාලය තුළ එකඟතාවයන් ඉටු නොකළහොත් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමටත් තීරණය කර තිබේ.

ඒ අනුව අද උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ සියලු සේවාවන් සාමාන්‍ය ආකාරයෙන් රෝගීන්ට ලබාගැනීමේ හැකියාව හිමි වේ.

එසේම සෞඛ්‍ය සේවාව තුළ මෙලෙස අනීතික සහ විෂමාචාරී ක්‍රියාවන්හි නිරත පුද්ගලයන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග සහ එවැනි පුද්ගලයන්ට ආරක්ෂාව සපයන සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් පිළිබඳව විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අවධානයෙන් සිටින බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටි බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඊයේ දිනය තුළ රෝගී සත්කාර සේවාවන්ට සිදුවූ බලපෑම සම්බන්ධයෙන් සියලු වගකීම් තම වගකීම පැහැර හැරි සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් භාරගත යුතු බවද අදාළ නිවේදනය මඟින් රජයේ විකිරණ විද්‍යා  තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කර තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

රජය විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ  සංගමය ඊයේ උදෑසන 8ට ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද උදෑසන 8 සිට දින 7කට තාවකාලිකව අත්හිටුවයි
මෙම ගැටලුව සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැති අතර එම සාකච්ඡාවේදී මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස රාජකාරී ආවරණය කරන පුද්ගලයා විසින් සිදුකළ නීති විරෝධී සහ විෂමාචාරී ක්‍රියාව සම්බන්ධයෙන් මේ වන විටත් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් සතියක කාලයක් ඇතුළත සංඝමයේ ඉල්ලීම පරිදි අපක්ෂපාතී විමර්ශනයකට අවශ්‍ය වටපිටාව සකස් කිරීමට අදාල තීරණය ගන්නා බවට එකඟතාවය පළ කරන ලදී. එසේම අදාළ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන්ද කඩිනම් විමර්ශනයක් ආරම්භ කිරීමටද එකඟතාවය පළ කරන ලදී.
ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ රැස්වූ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ විධායක සභාව මෙම වර්ජන ක්‍රියාමාර්ගය දින 7කට තාවකාලිකව අත්හිටුවීමටත් පොරොන්දු වූ කාලය තුල එකඟතාවයන් ඉටු නොකළහොත් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමටත් තීරණය කරන ලදී.
ඒ අනුව අද උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්හි විකිරණ තාක්ෂණවේදීන්ගේ සියලු සේවාවන් සාමාන්‍ය ආකාරයෙන් රෝගීන්ට ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇත.
එසේම සෞඛ්‍ය සේවාව තුළ මෙලෙස අනීතික සහ විෂමාචාරී ක්‍රියාවන්හි නිරත පුද්ගලයන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග සහ එවැනි පුද්ගලයන්ට ආරක්ෂාව සපයන සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් පිළිබඳව විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අවධානයෙන් සිටින බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටී.ඊයේ දිනය තුළ රෝගී සත්කාර සේවාවන්ට සිදුවූ බලපෑම සම්බන්ධයෙන් සියලු වගකීම් තම වගකීම පැහැර හැරි සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් භාරගත යුතු බවද මහජනතාව වෙත දන්වා සිටී.
චානක ධර්මවික්‍රම
සභාපති
රජයේ විකිරණ විද්‍යා  තාක්ෂණවේදීන්ගේ සංගමය
22/01/2026

 සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here