වැලිගම – උඩුකාව ප්‍රදේශයේ ‘වොග් ටෙක්ස්’ නමැති ඇඟලුම් කර්මාන්තශාලාවේ අද (23) අලුයම හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ, එම ගින්නෙන් ඇඟලුම් කර්මාන්තශාලාවේ එක් කොටසකට විශාල අලාභ හානි සිදු ව ඇති බවයි.
කඩිනමින් ක්‍රියාත්මක වූ මාතර නගර සභාවේ ගිනි නිවීමේ රථ පැමිණ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කෙරුණා.
ගින්නෙන් ජීවිත හානි සිදු ව නැති අතර ගින්නට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය විමර්ශන පවත්වනවා.
Saru FM Media