වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මියගිය තරුණයාගේ මරණ පරීක්ෂණය යළිත් පැවැත්වීමට නියෝග

0
13


වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී මරණයට පත් වූ සත්සර නිමේෂ් යන මරණකරුගේ මෘත දේහය නැවත ගොඩ ගෙන ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයකින් යුත් පශ්චාත් මරණ ප‍රීක්ෂණයක් සිදු කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (09) නියෝග කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ වින්දිත පාර්ශ්වය විසින් සිදු කරන ලද ඉල්ලීම මත මෙලෙස අද දින නියෝගය නිකුත් කළ බවයි.

අධිකරණය විසින් සිදු කෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයට හේතුව කුමක්ද යන්න වාර්තා වී නොමැති බවත්, මරණකරුගේ ලේ සහ මුත්‍රා සාම්පල් රස පරීක්ෂක වෙත භාර දී ඇති බවත්, මරණකරුගේ අසාමාන්‍ය හැසිරීම් රටාව සහ ආශ්‍රය කෙරූ පුද්ගලයින් පිළිබඳ ව විමර්ශන සිදු කරමින් යන බවට අද දින අධිකරණයට වාර්තා කෙරූ බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි විසින් අධිකරණයේ දි ප්‍රකාශ කරනු ලැබුවා.

එම සිද්ධියට අදාළ ව පොලිස් සැරයන් 14 දෙනෙකුගෙන්, සිවිල් පුද්ගලයින්ගෙන්, එදින අත්අඩංගුවේ සිටි සැකකරුවන්ගෙන් සහ මානසික වෛද්‍ය ස්ථානයේ සාක්ෂිකරුවන්ගෙන් ගත් ප්‍රකාශයන් සම්බන්ධ වාර්තාව අද දින අධිකරණයෙදි ඉදිරිපත් කළා.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෘත ශරීරය ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරු තුන්දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කමිටුවක් මගින් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කරනු ලැබුවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here