වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මිය ගිය තරුණයාගේ මෘත ශරීරය ගොඩගෙන අලුතෙන් මරණ පරීක්ෂණයක් පවත්වන්නැයි නියෝග

0
15


පසුගියදා වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මරණයට පත් වූ තරුණයාගේ මෘත ශරීරය ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරු තුන්දෙනෙකුගෙන් සමන්විත  වෛද්‍ය කමිටුවක් මගින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කළා. 

ඒ, එම සිද්ධියට අදාළ පැමිණිල්ල අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසමක් මාර්ගයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි. 

අගතියට පත් පාර්ශවය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේ.

එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මියගිය තරුණයාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය පැවති ආකාරය සම්බන්ධයෙන් ඔහුගේ මව සෑහීමකට පත්නොවන බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා අනතුරුව පැමිණිල්ල මේ මස 30 වන දා යළි කැඳවීමට නියෝග කළා. 

එදිනට විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් ඔහු නියම කළා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here