වැලිකඩ OIC ධුරයෙන් ඉවතට – තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

0
14


වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කරන ලද සැකකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කිරීම සඳහා එම පොලිස් ස්ථානාධිපතිවරයා එම ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනමට ලක් කිරීමට කටයුතු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ස්ථානාධිපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට සඳහා වන නිර්දේශ අද (06) දිනයේ වැඩබලන පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාශය වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම සිදුවීමේ දී රාජකාරි පැහැර හැරි බවට නිරීක්ෂණය වූ පොලිස් සැරයන්වරයෙකුගේ සහ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පසුගිය පළමු වනදා රාත්‍රී කාලයේ රාජගිරිය, නාවල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමෙන් පසු කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් ඔහුව රෝහල් ගතකර කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරනු ලබනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here