වැල් කිල්මර් – හොලිවුඩයේ තවත් කලා පුරුකක් නික්ම යයි!

0
14


සටහන – පුලී
මාර්තු 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ජිම් මොරිසන් සහ බැට්මෑන් ලෙස ප්‍රසිද්ධියට පත්, කලා ලොවේ පෞරුෂය හොලිවුඩයට ගෙන ගිය රංඟධරයෙක් වන වැල් කිල්මර් ලොස් ඇන්ජලීස්හිදී මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු මියයන විට වයස අවුරුදු 65 පසු කරමින් සිටි බවට සැලවේ.
නියුමෝනියාව හේතුවෙන් ඔහු මෙලෙස මියගොස් ඇති බව ඔහුගේ දියණිය මර්සිඩීස් කිල්මර් පැවසුවාය. කිල්මර් මහතාට 2014 දී උගුරේ පිළිකාවක් ඇති බව හඳුනාගෙන පසුව සුවය ලැබූ බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
වැල් එඩ්වඩ් කිල්මර් නම් මේ කලා ලොවේ දැවැන්තයා 1959 දෙසැම්බර් 31 දින උපත ලද ඇමරිකානු නළුවෙකි.
මුල් අවධියේ දී වේදිකා නළුවෙකු වූ ඔහු, Top Secret! (1984) සහ Real Genius (1985) යන විකට චිත්‍රපටවල පෙනී සිටීමෙන් පසුව හමුදා ක්‍රියාදාම චිත්‍රපටයක් වන Top Gun (1986) සහ ෆැන්ටසි චිත්‍රපටයක් වන Willow (1988) හි පෙනී සිටීමෙන් පසුව ප්‍රසිද්ධියට පත් විය.
ඔලිවර් ස්ටෝන්ගේ The Doors (1991) හි ජිම් මොරිසන්ගේ චරිතය නිරූපණය කිරීමෙන් කිල්මර් කාගේත් කතාබහට ලක් වූයේය. ඔහු ජොයෙල් ෂූමාකර්ගේ බැට්මෑන් ෆොරෙවර් (1995) හි බැට්මෑන් ලෙස ද සිය රඟපෑමෙන් දායකත්වය ලබාදීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here