වැඩ කරන ජනතාවගේ අයිතීන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙන් ශක්තිමත් කරන බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ අවධාරණය කරයි.
ඔහු මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ගාලුමුවදොර පිටියේ ඊයේ (01) පැවති ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් මැයි දින රැලිය ඇමතූ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙන් ශක්තිමත් කරන බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ,
“ජාත්‍යන්තර වශයෙන් රටවල් 160කට වැඩි ප්‍රමාණයක අද මැයි දිනය සමරනවා. චීනය, ඉන්දියාව සහ වියට්නාමය නියෝජනය කරමින්, අපේ මේ මැයි රැලියට සහෝදරත්වය රැගෙන විත් තිබෙනවා. අද මේ රටේ වැඩකරන ජනතාව ප්‍රමුඛ දේශපාලන නායකත්වය බිහි කර ගැනීම දක්වා අපට නායකත්වය ලබා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණයි.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී උතුර, නැඟෙනහිර, කඳුකරය ඇතුළු මුළු රටේ ම ජනතාව එක් වී ගොඩනඟා ගත් අපේ පාලනය යටතේ විශාල වැඩ කොටසක් ඉටු කිරීමට ඉතිරි වී තිබෙනවා. දියුණු වන රටක් ලෙස ඉදිරියට යමින්, ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරනවා වාගේ ම අපි රැකියා කරන ස්ථානවල ආරක්‍ෂාව සුරක්‍ෂිත කරමින්, පහසුකම් වැඩිදියුණු කර සේවා තෘප්තියකින් කටයුතු කිරීමේ අවස්ථාව ඉදිරියේ දී ලබා දෙනවා. මෙතෙක් කලක් ජනතා විමුක්ති පෙරමුණ ලෙස මේ රටේ වැඩ කරන ජනතාවගේ අයිතීන් ආරක්‍ෂා කළා සේම ජාතික ජන බලවේගය හැටියට වැඩ කරන ජනතාවගේ පසුබිම ශක්තිමත් කරන්න කටයුතු කරන බව අවධාරණය කරනවා.”
Saru FM Media