වැටුණු යානයේ වාර්තාව මේ මස අගදී! Sri Lanka Latest News

0
12


පසුගියදා කුරුණෑගල මිනුවන්ගැටේ ප්‍රදේශයේදී හදිසි අනතුරකට මැදිව පොල් වත්තකට කඩාවැටුණු කේ 8 වර්ගයේ පුහුණු ගුවන් යානයට අදාළ කමිටු සාමාජික හත්දෙනකුගෙන් යුත් පරීක්ෂණ වාර්තාව මේ මස අග භාගයේදී ලබාදීමට නියමිතව ඇතැයි ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා ‘මව්රට’ට පැවැසීය. Sri Lanka Latest News

මෙම පුහුණු ගුවන් යානයේ කළු පෙට්ටිය වෙනුවට සවිකර ඇති සිග්නල් රෙකෝඩරය ඇතුළු පැතිකඩවල් ගණනාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ කමිටුව වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යන අතර, ගුවන් යානය ගුවන්ගත කිරීමට පෙර සුදුසු තත්ත්වයේ පැවැතුණාද, හියුමන් එරර් පැතිකඩ ඇතුළු පරීක්ෂාවට භාජනය කළ යුතු අංශ ගණනාවක් ගැන පරීක්ෂණ කමිටුවේ අවධානය යොමුව තිබේ.

අනතුරට පාදක වීමට කිසියම් කාර්මික දෝෂයක් පදනම් වී ඇත්නම් අදාළ ගුවන් යානය නිපදවන ලද චීනයේ ගුවන් සමාගමේ කාර්මික විශේෂඥයන් කැඳවීමට ඉඩ ඇති බවද ගීගනගේ මහතා පැවැසීය.

ගුවන් හමුදා කමිටුව අවසන් තීරණයකට එළඹෙන තුරු කිසිවකුට පූර්ව නිගමනවලට එළඹිය නොහැකි බවද ගුවන් හමුදාවේ තවත් උසස් නිලධාරියකු පැවැසීය.

ප්‍රේමලාල් විජේරත්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here