ගාල්ල, බටපොල ප්‍රදේශයේදී නිවසක් තුළ සඟවා තිබූ ව්‍යාජ අංක තහඩු සවි කරන ලද යතුරුපැදියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30ක් වන ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම යතුරුපැදිය 2024 වර්ෂයේදී කරන්දෙණිය පොලිස් වසමේදී සොරකම් කරන ලද යතුරුපැදියක් බවටත්, සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් කිහිපදෙනෙකු සමගම සමීප සබඳතා පවත්වා ඇති බවටත් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම යතුරුපැදිය යොදා ගනිමින් අපරාධ සිදුකර ඇති ද යන්න සම්බන්ධයෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
Saru News
















