වසක් විසක් ශරීර ගතවුනොත් මොකද කරන්නේ ?

0
4

මීයෝ කැරපොත්තෝ හුනෝ කුහුඹි ආදී සතුන්ගෙන් ආරාක්ෂා වන්න අප නිතරම කෘමි නාශක භාවිතා කිරීමට පුරුදු වෙලා ඉන්නවා.ඒ නිසාම මෙවැනි වස විස නිසා ඇතිවන හදිසි අනතුරු හරිම සුලබ දෙයක් වෙලා තියෙනවා.ඒ වගේම කොතරම් සුලබද කියනවානම් මේවයින් ආරාක්ෂා වන උපක්‍රම භාවිතා කිරීමටවත් කවුරුවත් එතරම් උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැහැ.ඒ නිසයි අද අප විසවීම් ගැන කතා කරන්නට හිතුවේ.

මොනවද ඇත්තටම මේ විසවීම් කියන්නේ

  • සම මතුපිට කිසියම් විසක් සහිත ස්වාභාවික හෝ කෘතීම රසායනික ද්‍රව්‍යක් තැවරීමක් හෝ එම විෂ ශරීරගත වීමක්මේ විසවීම් නිවසේදී හෝ රාජකාරි අතරතුරදී සිදුවෙන්න පුළුවන්විසවිමක් ඕනෑම වයසක පසුවන අයෙක්ට සිදුවෙන්න පුළුවන්මොකද විසවීම රෝගයක් නෙවේ.ඒක අනතුරක්.

විසවීම් ඇතිවිය හැකි අවස්ථා

  • නිවසේදී හෝ රාජකාරි ස්ථානයේදී කෘමි නාශක භාවිතයේදී
  • පිටත පරිසරයේදී
  • කාබන් මොනොක්සයිඩ් වැනි අහිතකර වායුන් නිසාවෙන්
  • විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම නිසාවෙන්
  • මාත්‍රාව ඉක්මවා බෙහෙත් වර්ග ගැනීමෙන්
  • විවිධ ආහාර විසවිමක්

විසවීමක් හඳුනා ගන්නේ කොහොමද?

  • උදරය ආශ්‍රිත ඇති අසීමිත වේදනාව
  • හිසරදය
  • කැස්ස
  • පපුවේ හා මස්පිඬු වල වේදනාව
  • සම මතුපිට නම් කැසීම.රතු වීම හෝ ඉදිමුම
  • වමනය
  • හුස්ම ගැනීමේ අපහසුතා
  • සිහි මඳ ගතිය
  • විස තැවරුණ තැන්වල ඇති දැවිල්ල

මෙන්න මේවා වහාම අනුගමනය කරන්න

  • රෝගියාගේ ඇඳුම් වල විස තැවරී ඇත්නම් වහාම ඒවා ඉවත් කරන්න පියවර ගන්න.
  • විස මතුපිට සමෙහි හෝ ඇසෙහි තැවරී ඇත්නම් ගලායන පිරිසුදු ජලයෙන් හෝදන්න
  • රෝගියාට සිහිමද ගතියක් ඇත්නම් කිසිවක් නොපොවන්න
  • කෘතීම ශ්වසනය නොදෙන්නවිස ඔබටත් ඇතුළු විය හැකි නිසා
  • ක්ලාන්ත ගතියක් ඇත්නම් නිශ්චලව තබන්න.
  • හැකිතාක් ඉක්මනින් රෝහලක් වෙත ගෙනයන්න.

විසවීම් වලක්වාගමු

  • සැමවිටම කෘමි නාශක හෝ වෙනත් කෙමිකල් වර්ග භාවිතා කිරීමේදී අත් වැසුම් හා මුඛ ආවරණයක් පළඳින්න.
  • නිවසේදී කුඩා කෘමින් මර්දනයට කෘමි නාශක භාවිතා කිරීමේදි ආහාර සහ ඇඳුම් වලට නොයාමට වග බලා ගන්න.
  • කුඩා දරුවන්ගෙන් සෑම විටම කෘමිනාශක හා වෙනත් විස සහිත දේවල් ඈත්කර තබන්න.

ඉතින් පරිහරණයට පෙර ආරක්ෂාව ගැන සැළකිලිමත් වීම වඩාත්ම වැදගත් බව අමතක කරන්න එපා.

– චම්මි –

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here