තම ඉල්ලීම්වලට විසඳුම් ලබා ගැනීමට මේ අවස්ථාවේ මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය බාධාවක් නොවන බව සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
අපි සන්ධානයක් හැදුවේ ආණ්ඩුවට විරුද්ධව නොව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අවශ්‍ය ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා ගැනීමට බව ද හෙතෙම පැවසුවේය.
ඒ නිසා සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සාධනීය ප්‍රතිචාර දැක්වීමට රජය අපොහොසත් වුවහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීරණ වීමට සිදු වනු ඇතැයිද හෙතෙම කීවේය.
ඇමැතිවරයා වරක් මහින්ද යුද්ධ කළේ අපෙන් අහලාදැයි ඇසූ පරිදිම අපට අසන්නට ඇත්තේද මැදපෙරදිග යුද්ධ කළේ අපෙන් අහලාදැයි කියලා තමා යැයි ද කීවේය. රෝගී ජීවිත අනතුරේ හෙළීමට තම සන්ධානයට අවශ්‍යතාවක් නැති බවත් රජය හෝ සෞඛ්‍ය ඇමැතිවරයා මේ ගැටලු සම්බන්ධයෙන් මැදිහත් වීමක් සිදු කරන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවක් නැතැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
Saru News
















