වනජිවි දෙපාර්තමේන්තුවට ස්ථීර නිලධාරීන් 4,530ක්

0
3


වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර ගණනාවක් අනියම් පදනමින් සේවය කළ විදුලි වැට ආරක්ෂණ බහුකාර්ය නිලධාරීන් සියල්ල ස්ථිර කිරීමට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව එම නිලධාරීන් 4,530කට ස්ථිර පත්වීම් ලබාදෙන බව පරිසර ඇමති වෛද්‍ය ධම්මික පටබැඳි සඳහන් කරයි.
මේ වනවිට කිලෝමීටර් 5,000කට අධික ප්‍රමාණයක විදුලි වැට ඉදිකර ඇති බවද, අදාළ නිලධාරීන්ට ස්ථිර පත්වීම් ලබාදීම තුළින් විදුලි වැට නඩත්තු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට හැකි බවද පරිසර ඇමති වෛද්‍ය ධම්මික පටබැඳි වැඩිදුරටත් සඳහන් කරයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here