වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ආනපල්ලම ප්‍රදේශයේ දී අද උදෑසන සිදු වූ වන අලි පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
උදෑසන කාලයේ නිවසේ රැඳී සිටි පුද්ගලයකු එක් වරම නිවසට පැමිණි අලියෙක් විසින් උස්සාගෙන මිදුලට ගෙන ගොස් පහර දී මෙලෙස ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.
වන අලි ප්‍රහාරයෙන් පසු තුවාල ලැබූ පුද්ගලයා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔහු මිය ගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ ආනපල්ලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 75ක් වන රත්නායක මුදියාන්සේලාගේ ගුණපාල නැමැති පුද්ගලයක්.
වනඅලියා පුද්ගලයාට පහරදීමෙන් අනතුරුව කලහකාරි ලෙස හැසිරෙමින් වැල්ලවාය මොණරාගල මාර්ගය හරහා මාරු වී නැවත වනාන්තරයට ගමන් කළ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
ආනපල්ලම ගම්මානයට දීර්ඝ කාලයක සිට මෙම වන අලි තර්ජනය උග්‍ර ලෙස පවතින අතර, මෙම ගැටලුවට තවමත් විසඳු මක් නොමැති නිසා ප්‍රදේශයේ ජනතාව දැඩිලෙස පීඩාවට පත් වී
තිබෙනවා.
Saru FM Media